தமிழ்
English
Contact
Friday 14th August 2020    
පොලිස් ආරක්ෂාව මැද නීති කැඩූ සනත් නිශාන්තට එරෙහිව පොලිස් විමර්ශනයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස් ආරක්ෂාව මැද නීති කැඩූ සනත් නිශාන්තට එරෙහිව පොලිස් විමර්ශනයක්



පුත්තලම දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස හතරක යතුරු පැදි පෙළපාලි ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පොලිසියට දැනුම් දුන් බවද සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත..

මෙවැනි මෝටර් සයිකල් පෙළපාලි වලින් ජනතාව බිය ගැන්වීම මෙන්ම තමන්ගේ කණ්ඩායම ප‍්‍රවර්ධනය කිරීම සිදුකරන බවද මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් යැයි ද මහින්ද දේශප්‍රිය සඳහන් කර ඇත.

කල්මුනේ ප්‍රදේශයේ දී ද ඩබල් කැබ් සහ අශ්වයන් යොදා ගමනින් යාමට සූදානම් කර තිබූ පෙළපාළියක් නවත්වා තිබූ බවත් තවත් එකක් නවත්වා ගැනීමට නොහැකි වු බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසා ඇත්තේ සමාජ ජාල ඔස්සේ පළවී ඇති ඡායාරූප සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

සනත් නිශාන්ත මැතිවරණ නීති පමණක් නොව සමානය නීතියද උල්ලංඝණය කරමින් අංක තහඩු නොමැති බයිසිකලයක් පාවිච්චි කර ඇති අතර හිස්වැසුම් පැළඳ නොමැති බව ඡායාරූපවල දක්නට ලැබේ. එසේම පොලිස් නිලධාරීන්ද ඒ අසලම සිටින ආකාරය ඡායාරූපවල දැක්වේ.