தமிழ்
English
Contact
Monday 26th October 2020    
පොලිස් කණ්ඩායම් 6ක් යොදා රිෂාඩ් බද්යුදීන් ඇතුළට දාන හේතුව මෙන්න! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස් කණ්ඩායම් 6ක් යොදා රිෂාඩ් බද්යුදීන් ඇතුළට දාන හේතුව මෙන්න!



රිෂාඩ් බද්යුදින් අත්අඩංගුවට ගැනීමේදී චෝදනා නැගීම පිණිස මැතිවරණය නීති උල්ලංඝනය හා මහජන මුදල් අවභාවිතය සම්බන්ධ නීති පමණක් අදාළ කරගන්නා බව දැනගන්නට ඇත.

එහිදී මැතිවරණයට මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පුත්තලමේ සිට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම හා ඒ වෙනුවෙන් මහජන මුදල් අවභාවිතය සම්බන්ධ චෝදනා ඉදිරිපත් කෙරෙනනට නියමිතය. කෙසේවෙතත් පසුගිය මහමැතිවරණ සමයේ පොදුජන පෙරමුණු ආණ්ඩුවට තරග කළ අපේක්ෂකයන් රිෂාඩ් බද්යුදීන්ට එල්ල කළ ප්‍රධාන චෝදනා වූයේ සහරාන්හෂීම් ඇතුළු අන්තවාදීන් හා සබඳතා පැවැත්වීම හා විල්පත්තුව වන විනාශය සම්බන්ධවය. තමන් බලයට පත්වීමෙන් පසුව මෙම චෝදනා සම්බන්ධ නඩු පවරා බද්යුද්දීන් සිදුකළ අපරාධ අනාවරණය කරන බවත් නිසි දඬුවම් දෙන බවටත් මැතිවරණ වේදිකාවල වහසි බස් ප්‍රකාශ කෙරුණද මේ වනවිට එම චෝදනා වෙනුවට වඩා බාල චෝදනා බද්යුද්දීන් වෙත එල්ල කරනු දක්නට ලැබේ.

පසුගියදා අරලියගහ මන්දිරයේදී 20 වැනි සංශෝධනයට විරුද්ධව අදහස් පළ කළ පොහොට්ටුව මන්ත්‍රිවරුන්ට ජනාධිපතිවරයා පවසා තිබුණේ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහාය ලබාගෙන 20 සංශෝධනය සම්මත කරගන්නා බවය. එහිදී විපක්ෂයේ සහාය දෙන මන්ත්‍රිවරුන්ට ඇමතිකම් දෙන්නට ඉදිරිපත් වෙන මන්ත්‍රිවරුන් වෙනුවෙන් ඇමති මණ්ඩල සංශෝධනයක්ද සිදුකරන්නට අපේක්ෂිත බව ජනාධිපතිවරයා පවසා තිබිණි. එසේ සහාය ලබාගන්නට අපේක්ෂිත මන්ත්‍රිවරුන් අතර රිෂාද් සිටි බවද රියාද් බද්යුදින් නිදහස් කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙස බවද දේශපාලන අංශවල අවධානයට ලක්ව තිබිණි. එහෙත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු ඇමති සංහෝධනය සම්බන්ධ තර්ජනයෙන් පසුබා ගොස් සිය සටන අත්හැර දමා 20 සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන්නට සූදානම් බව ප්‍රකාශ කර තිබිණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් යොදවා බද්යුද්ධීන් අත්අඩංගුවට අත්අඩංගුවට ගත්තද  සාපේක්ෂව බරපතළභාවයෙන් අඩු චෝදනා සම්බන්ධ අධිකරණ කටයුතු කිරීම සිදුවන්නේ එවැනි පසුබිමකය. ජාතිකවාදීන් බද්යුද්දීන්ට එරෙහිව ගෙන යන විරෝධය සමනය කිරීමෙන් ආණ්ඩුවට අවශ්‍ය පසුබිම මෙම සුලු නීතිමය පියවර ඔස්සේ ගැනීමට අපේක්ෂිතය. දේශපාලන බලය ආරක්ෂා කිරීමට කටයුතු කරන ඕනෑම පාලකයකු විසින් තමන්ට එරෙහි පුද්ගලයන්ගේ චෝදනා බරපතළ ඒවාද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ මේ ආකාරයට බව අධිකරණ ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙමින් තිබේ.