Posted on 04.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පොලීසිය සිදු කරන හිංසන මැඩ පැවැත්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පසුගිය මාසයේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන කිහිපයක් ඇතුළත් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළ බව මෙම නිවේදනයේ සඳහන් ය.
මහේස්ත්‍රාත්වරුන් මාසයකට වරක් පොලිස් භාරයේ පසුවන සැකකරුවන් හමු වී ඔවුන් පිළිබඳව විමසා බැලිය යුතු යැයි එහි දැක්වුණු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
එහෙත් මෙවැනි ක්‍රියාමාර්ග තුළින් පමණක් ශ්‍රී ලංකාවේ පොලීසියෙන් සිදුවන හිංසන මැඩ පැවැත්විය නොහැකි බව සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
ජාතික පොලිස් කොමිසම මෙන්ම මානව හිමිකම් කොමිසමද සක්‍රීයව මැදිහත් විය යුතු බව නිවේදනයෙන් අවධාරණය කර තිබේ.