தமிழ்
English
Contact
Sunday 15th December 2019    
පොලිස් මාධ්‍ය ප්‍රකාශ නතර කිරීම ඉහළින්ම ආ නියෝගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස් මාධ්‍ය ප්‍රකාශ නතර කිරීම ඉහළින්ම ආ නියෝගයක්!



වසර කිහිපයක් පුරා මාධ්‍ය වෙත තොරතුරු ලබාදුන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සියලූ සේවා කටයුතු ඊයේ (27) සිට නවතා දමා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සම්බන්ධ ඉහළ නිලයකින් දුන් නියෝගයක් අනුව බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, පසුගිය කාලයක් පුරා ජනමාධ්‍යෙව්දින්ට තොරතුරු සපයමින් පැවති පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගේ ජංගම දුරකතන අංකය මෙන්ම, පොලිස් මාධ්‍ය ඒකකයේ සියලූ දුරකතන අංක ද කි‍්‍රයා විරහිත කර බාහිර සම්බන්ධතා කපා හැර තිබුණි. එසේම මෙම පොලිස් මාධ්‍ය ඒකකය විසින් දිවයින පුරා පොලිසියට වාර්තාවන සිදුවීම් වල සම්පිණ්ඩනයන් (මාධ්‍ය නිවේදන) දෛනික වශයෙන් විද්‍යුත් තෑපෑල හරහා මාධ්‍ය ආයතන වෙත නිකුත් කළ ද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මෙම අංශය වසාදමන්නට නියෝග ලැබීමෙන් පසුව එම කිසිදු නිවේදනයක් මාධ්‍ය ආයතනවලට යොමු කර නොතිබුණි. මේ නිහඬතාව සම්බන්ධයෙන් කරුනු දැනගැනීමට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සම්බන්ධකර ගැනීමට මාධ්‍යෙව්දීන් කිහිපවරක්ම උත්සහ කළ ද මාධ්‍ය ප‍්‍රකාශවරයාගේ ප්‍රතිචාරයක් ලැබී තිබුනේ නැත.

ආරක්ෂක අමාත්‍යංශය යටතේ මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය සහ පොලිසිය විසින් මාධය සම්බන්ධීකරණය හරහා ආරක්ෂක තොරතුරු ලබාගැනීමට මාධ්‍ය ප්‍රකාශකවරු පත්කිරීම රරාජපක්ෂ පාලනය විසින් ආරම්භ කරණ ලදී. ඒ අනුව, පොලිස් තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක හරහාද, යුද හමුදාවේ තොරතුරු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක හරහාද, නාවික හමුදාවේ තොරතුරු එම මාධ්‍ය ප්‍රකාශක හරහා සහ ගුවන් හමුදාවේ තොරතුරු ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක හරහා මෙරට හා විදේශික මාධ්‍ය ආයතනවලට ලබාගැනීමේ පහසුකම් හිමි විය.

මේ අතර පොලිස් මුලස්ථානයේ ආරංචිමාර්ග පවසන ආකාරයට පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කටයුතු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා සිදු කිරීමේ වැඩපිළිවෙළක් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නගේ උපදෙස් මත කි‍්‍රයාත්මක වීමට නියමිත ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බවයි.