தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
පොලිස් සැරයන්වරුන්ට උසස්වීම් දීමේදී මූලික අයිතිවාසිකම් කඩවෙලාලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස් සැරයන්වරුන්ට උසස්වීම් දීමේදී මූලික අයිතිවාසිකම් කඩවෙලාලු!



සියලු සුදුසුකම් සපුරා තිබියදීත් , තමන්ට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව දක්වමින් පොලිස් සැරයන්වරු අධිකරණයේ පිහිට පතති.

ජාතික පොලිස් කොමිසමේ නිර්ණායකයන් අනුව තමන්ට හිමිවිය යුතු උසස් වීම් ලබා දීමට වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා මෙම පොලිස් සැරයන්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

පොලිස් සැරයන් උපාලි බණ්ඩාරනායක ඇතුළු 366 දෙනෙකු ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතීපති සහ වැඩබලන පොලිස්පති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සියලු දෙනා පොලිස් සේවයේ වසර 30 ක සේවා කාලය ඉක්මවා ඇති බවද වසර 13 කාලයක් පොලිස් සැරයන් ධූරයේ කටයුතු කරන අය බවද කියමින් මෙම පෙත්සම කරුණු දක්වයි.

2019 වසරේ මැයි මස 09 වනදා වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් 2018 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වසර 12 ක් සේවා කාලය සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන බව සඳහන් කෙරිණි.

මෙම චක්‍රලේඛනයට අනුව අදියර තුනක් යටතේ සැරයන්වරුන් 5483 ක් කාන්තා පොලිස් සැරයන් 277 දෙනෙකුට උප පොලිස් පරීක්ෂක උසස්වීම් ලබා දී ඇත. මෙම ක්‍රමයට පෙත්සම්කරුවන්ද එම ධූරයන්ට උසස් කර ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසමටට ඉදිරිපත් කළ අභියාචන නිශ්ඵලව ඇත. තමන් පොලිස් සැරයන්වරු ලෙස වසර 13 ක කාලයක් සපුරා ඇති බැවින් පොලිස් පරික්ෂක තනතුරු දක්වා උසස් වීම් ලබා නොදීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් සාධාරණය ඉටුකරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.