Posted on 06.05.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට ඒරෙහිව පැවැත්වෙන විරෝධතාවලට අමෙරිකානු පොලිස් භටයන් මෙන්ම ආරක්ෂක භටයන්ද ඒක් වියයුතු බව ඒරට හිටපු ජනාධිපති බරක් ඔබාමා පවසයි.
වෙනස් කොට සැලකීම අමෙරිකානු සමාජයේ ප්රශ්නයක් නම් ඒයට සියලු දෙනා විරුද්ධත්වය ප්රකාශ කිරීම වැදගත් බව ඔහු අවධාරනය කළේය.
ප්රචණ්ඩත්වය සහ අසාධාරණත්වය මේ මොහොතේ රටපුරා ඇති වී තිබෙන විරෝධතාවලට ප්රධාන හේතු වී ඇතැයි පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා ප්රාදේශීය මට්ටමින් ඒවා වෙනස් කළ යුතු යැයි ද කීවේය.
“ඡන්දය දීම වගේම විරෝධතා කිරීමත් ඉතාම වැදගත්” යැයි ද ඔහු කීය.
“පවතින තත්වයේ සැබෑ වෙනස්කම් ඇති කරන්න නම් අපි ඒ් ප්රශ්නය ඉස්මතු කරන්න ඕනෑ. බලයේ සිටින අය අපහසුතාවට පත් කරන්න ඕනෑ. හැබැයි අපි මේ අවස්ථාව ප්රායෝගික විසඳුම් සෙවීමට අවස්ථාවක් කරගන්න ඕනෑ. ඒ වගේම ක්රියාත්මක කළ හැකි නීති සකස් කරන්නත් ඔ්න” යැයි ඔහු කියයි.
ඇමෙරිකාව පුරා නගරවල විරෝධතාවයේ නියැළී සිටින විවිධ ජාතීන්ට අයත් තරුණ පිරිස විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්
ඇමෙරිකානු පොලිසිය තුළ ප්රතිසංස්කරණ ක්රියාත්මක කළ යුතු යැයි හිටපු ජනාධිපතිවරයා කීය.
“සෑම වර්ණයකම තරුණ තරුණියන්ම මම කියන්න ඕනෑ. ඔබේ ජීවිත වටිනවා. ඔබේ සිහින අපට වැදගත්. ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද විරෝධතාකරුවන් සමඟ පාගමනේ යෙදිය යුතුයි” යැයි ද ඔහු වැඩිදුරටත් පවසන ලදී.
විරෝධතාවලට නියැළී සිටින තරුණ තරුණියන් ඇගයූ හිටපු ජනාධිපතිවරයා ප්රචණ්ඩත්වය අනුමත නොකරන බව මීට පෙර අවස්ථාවකදී පවසා තිබිණි. මෙය රට තුළ වෙනසක් කිරීමට අවස්ථාවක් කර ගත යුතු බව ද හෙතෙම එම අවස්ථාවේදී සඳහන් කර තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා මෙන්ම ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද මේ වනවිට ප්රචණ්ඩත්වය හෙළා දකිමින් සහ විරෝධතාකරුවන්ට සහාය දක්වමින් අදහස් දක්වා ඇත.