தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
පොලිසියෙන් පැය 24 ආරක්ෂාවක් නැති නිසා ඒ වෙනුවෙන් වෙනම බලකායක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිසියෙන් පැය 24 ආරක්ෂාවක් නැති නිසා ඒ වෙනුවෙන් වෙනම බලකායක්!



දවසේ පැය 24ම ආවරණය වන පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා බව කියමින් ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.

මෙම මෙහෙයුම් මැදිරිය වෙත පාතාල කල්ලි සාමාජිකයන්,සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, කප්පම්කරුවන්, නීතිවිරෝධී අවි භාවිත කරන්නන්, මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් කරන්නන් සහ පාරිසරික වැරදි ඇතුළු වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතුකරන අතර එවැනි තත්වයන් පිළිබඳ මහජනතාවගේ තොරතුරුද ලබාදීමේ හැකියාව පවතියි.

විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළි නොකරන බවත් ඔවුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු වන අයුරින් කටයුතු කරන බවත් කියනු ලැබේ. පැය 24 පුරා මහජන සාමය හා ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති පොලිසිය සිවිල් ජනයාගේ ආරක්ෂාව හා සාමය වෙනුවෙන් වගකියන්නේ නැති බව වරින්වර සිදුවන දෙයින් සනාථ වේ. මෙසේ විශේෂ කාර්ය බලකාය බඳු අමතර සන්නද්ධ පුහුණුවක් ඇති බලකායකට නීතිය හා සාමය භාරදීමෙන් පොලිසියේ කාර්යයන් වඩාත් මර්දනකාරී පියවරකට එසවා තැබීමේ අරමුණු පැහැදිලි වේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නගේ උපදෙස් අනුව, මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසයි