தமிழ்
English
Contact
Friday 16th November 2018    
පොලිසියේ පාලනය අයිති විධායක ජනාධිපතිට - පොලිස්පති කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිසියේ පාලනය අයිති විධායක ජනාධිපතිට – පොලිස්පති කියයි



තමන් ඉදිරියට පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන්නේද පොලිසිය ක්‍රියාත්මක වන්නේද රටේ  විධායකයේ ප‍්‍රධානියා සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ භාර ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග හා උපදෙස් අනුව පමණක් බව පොලිස්පති පුජිත් ජයසුන්දර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (7) පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකදීය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට හා මන්ත්‍රීවරුන්ට පෙර  තිබූ ආරක්ෂාව ලබා දෙන ලෙසට හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් ලිපියක් මගින් තමන්ගෙන් කර ඇති ඉල්ලීම තමන්ට ඉටුකළ නොහැකි බවත් එම ඉල්ලීම වලංගු නොවන බවත් පොලිස්පතිවරයා පැවසීය. එහෙත් තමන් පියවර ගන්නේ ජනාධිපතිවරයා විසින් දෙන නියෝග අනුව බව කී ඔහු කීවේ 2015.11.09 දින අංක 21/31/2015 දරණ පොලිස්පති චක‍්‍රලේඛයේ ප‍්‍රතිපාදනවලට අනුව සියලූ ඇමැතිවරුවන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට හා  මන්ති‍්‍රවරුන්ට අවශ්‍ය ආරක්ෂාව දැනටමත් අවශ්‍ය පරිදි ලබා දී ඇති බවය.
පොලිස්පතිවරයා ඇතුලු පොලිස් දෙපාර්තමේන්තුව ස්වාධීන කරන අදහසින් 2015 ජනවාරි 8 වැනිදා පත් වූ විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඔහු සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවාගත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ව්‍යවස්ථාදායක සභාවක් යටතේ ජාතික පොලිස් කොමිසම පිහිටුවන ලදී. පසුගිය කාලයේ පොලිස්පතිවරයා පොලිස් කොමිසමේ නියෝග ප්‍රතික්‍ෙෂපේ කළ බව ප්‍රසිද්ධ කාරණයකි. කෙසේ නමුත් පොලිස් කොමිසම පිහිටුවමින් පොලිසිය ස්වාධීන කරන බවට මැතිවරන පොරොන්දු දුන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කරන වත්මන් පොලිස්පතිවරයා පවසන්නේ තමන් විධායක ජනාධිපතිගේ නියෝග පිළිබදින බවකි.