தமிழ்
English
Contact
Friday 27th May 2022    
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුවට දිසා අධිකරණයෙන් ඇප ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුවට දිසා අධිකරණයෙන් ඇප !



කඩුවෙල පොලිසිය විසින් අද සවස අත්අඩංගුවට ගනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, කඩුවෙල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලබා දී ඇත.

2021 නොවැම්බර් 09වැනිදා කඩුවෙල අධිකරණ ප්‍රවේශ මාර්ගය අසළ ‘සිසු ජන ව්‍යාපාරය’ විසින් පැවැත්වූ විරෝධතාවකදී අධිකරණයට අපහාස වීමක් සිදුව ඇති බවට කඩුවෙල පොලිසිය කළ කරුණු දැක්වීමක් මත පවත්වා ගෙන යන නඩුවට අදාළව දුමින්ද නාගමුව අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කර තිබිණි. (එම නිවේදනය පහත පළ කෙරේ)

සෑම මසකම අවසන් ඉරිදා කඩුවෙල අධිකරණයට පැමිණ අත්සන් කිරීමට දන්වමින් කඩුවෙල දිසා විනිසුරු චමත් මදනායක විසින් දුමින්ද නාගමුවට ඇප ලබා දී ඇත.