தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
පොහොට්ටුවේ ගෝඨාභය පාර්ශ්වය අභිබවන්නට මහින්ද රාජපක්ෂ වැඩ අරඹයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොහොට්ටුවේ ගෝඨාභය පාර්ශ්වය අභිබවන්නට මහින්ද රාජපක්ෂ වැඩ අරඹයි!



මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට නම් කරන්නට කටයුතු කරන පොහොට්ටුවේ පාර්ශ්වකරුවන් අභිබවන්නට මහින්ද-නාමල් හවුල උපක්‍රමිකව කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තමන් බව ප්‍රකාශ කරන නමුත් මේ දක්වා ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න නොපවසා ලිස්සා ගිය මහින්ද රාජපක්ෂ, අගෝස්තු 11 වැනිදා ජනාධිපති අපේක්ෂකයා නම්කරන බව නාමල් රාජපක්ෂ පවසයි. ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට ඉදිරිපත් කළ අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීමේ කාලය ප්‍රමාද කළ හැකිදැයි සොයා බලන්නට මහින්ද රාජපක්ෂ විසින් එරට නීතිඥ සමාගම් හරහා මේ වනවිට විපරම්කර ඇත. ඒ සදහා එක්සත් ජනපදයේ දෙමළ කණ්ඩායම්වල සහාය ලබා ගන්නට හැකි නම් ඊටද සූදානම් වන ලෙස එකසත් ජනපදයේ සිටින සිය සමීපතමයන්ට දන්වා ඇත.
පසුගිය කාලයේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය වියයුතු බවට එම පක්ෂයේ ඇතැමුන් කළ ප්‍රකාශ හමුවේ කසාය බිව් ගොලුවන් ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ දැන් ඒ ගැන කියන්නට අගෝස්තු 11 වැනිදා දින යොදා ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් මහින්ද රාජපක්ෂගේ දේශපාලන බල ව්‍යාපෘතිය අහෝසි කරමින් කටයුතු කරන බවට මහින්ද-නාමල් දේශපාලනය මනාව අවබෝධ කරගෙන ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. රාජපක්ෂ පවුලදෛ්ශපාලන බල පොරය හමුවේ ජනාධිපි අපේක්ෂකයා නම් කිරීමට කල් මැරීම සම්බන්ධයෙන් පොහොට්ටුව වටා සිටින දේශපාලන පක්ෂ නායකයන් නොමනාපයට පත්ව සිටී. විවිධ හේතු දක්වමින් ගෝඨාභය අපේක්ෂකත්වයට නම් කිරීම කල් දමමින් සිටින නිසා එ.ජා.ප. පරදවා දේශපාලන බලය අත්පත් කරගන්නට ඇති අවසන් අවස්ථාවද අහිමිවීමට ඉඩ ඇති බවට ඔවුන් අතර කසුකුසුවක් ඇතිව තිබේ.
ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපතිවරණයට තමන් සූදානම් බව ප්‍රකාශ කළේ ජනමාධ්‍ය වෙත වුවද මහින්ද රාජපක්ෂගෙන් ඒ බව ඇසු විට ‘ආ එහෙමද? එයා එහෙම කියලා කියලා මමත් දැක්කා‘ වැනි වර්ගයේ ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ ගෝඨාභයගේ අභිලාෂය නොසළකා හැර තිබෙන බව පොහොට්ටුවේ ගෝඨාභය පාර්ශ්වය විසින් චෝදනා නගමින් තිබේ. විශේෂයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මේ සම්බන්ධව මහින්ද රාජපක්ෂ වෙත නොසතුට පළ කරන්නට සූදානම්ව සිටී. පොහොට්ටුවේ දේශපාලනයෙන් බලය බුක්ති විදන්නට සූදානම්ව සිටින ගෝඨාභයගේ පාර්ශ්වය මෙන්ම ගෝඨාභයට විරුද්ධ පාර්ශ්වයේ වාසුදේව නානායක්කාර, දිනේශ් ගුණවර්ධන වැන්නවුන්ද ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරිම ඉක්මනින් නොකළහොත් අනෙක් පාර්ශ්වයට වාසි අත්වන බව වටහාගෙන සිටී.