தமிழ்
English
Contact
Saturday 19th June 2021    
පොහොර ආනයනය ලංකාවේ ජෛව පැවත්මටම තර්ජනයක් - ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොහොර ආනයනය ලංකාවේ ජෛව පැවත්මටම තර්ජනයක් – ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනය



විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර සමඟ ශ්‍රී ලංකාවේ පරිසරයට අනිවාර්යෙන්ම එකතු වන ක්ෂුද්‍ර ජීවීන් ශ්‍රී ලංකාවේ ජෛව පැවැත්මට භයානක තර්ජනයක් එල්ල කිරීමට නියමිත බැවින් කාබනික පොහොර ආනයනය නොකර ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ආයාතනය ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම ආයතනය පවසා ඇත්තේ විදේශයන්ගෙන් මෙවැනි පොහොර ගෙන්වීම මගින් පසට එකතුවන බැර ලෝහ මගින් මනුෂ්‍යය ජීවිතයේ පැවැත්මට මෙන්ම අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් සිදුවන බවයි.

දියර පොහොර ලෙස හෝ ,ඝන ආකාරයේ පොහොර ලෙස හෝ ජෛව පොහොර ලෙස හෝ රට තුළට විදේශයන්ගෙන් පොහොර ආනයනය කිරීම කිසි ලෙසකින්වත් අනුමත නොකරණ බවද එම සංවිධානය පවසා ඇත.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ආයාතනය මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තුළ වෘත්තීය මට්ටමින් කටයුතු කරණ කෘෂි විද්‍යාඥයන් ඇතුළු කෘෂි නිලධාරීන්ගෙන් සමන්විත ආයාතනයකි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ආයාතනය ජුනි 5වනදා ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ.