தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
පොහොර තහනම් ගැසට්ටුව නිකුත් කරේ වැරදි උපදෙස් නිසා - කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොහොර තහනම් ගැසට්ටුව නිකුත් කරේ වැරදි උපදෙස් නිසා – කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්



රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේදී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට තමාද දායක වූ බව කී ලේකම්වරයා, ඔවුනට අවශ්‍ය වූයේ විෂ කෘෂි රසායනික පොහොර භාවිත කරන සංස්කෘතියක සිට විෂ රහිත ගුණත්වයෙන් ඉතා ඉහළ පැළෑටි පෝෂක භාවිතය හදුන්වාදීම බවද පවසා ඇත.

එම නිසා, කෘෂිරසායනික භාවිත කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුතු පරිසර හිතකාමී පැළෑටි පෝෂක ආනයනයට අවසර දිය යුතු යැයි ද ඔහු සදහන් කර ඇත.

කඩි කුලප්පුවෙන් ක්‍රියාත්මක රසායනික පොහොර තහනම නිසා තම වගා කටයුතු සිදුකරගැනීමට නොහැකි වී සිටින ගොවීන්ගේ විරෝධය ආණ්ඩුව වෙත එල්ල වෙමින් පවතියි. එවැනි පසුබිමක ආණ්ඩුව ලෙස තමන් ගත් තීරණය විවිධ පුද්ගලයන් පිට පටවා ඇඟ බේරා ගැනීම දක්නට ලැබෙන්නකි.

කෘෂිකර්ම අමාත්‍යංශයෙ ‌ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ