தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
පොහොර ප්‍රශ්නයට වගකිව යුත්තේ කෘෂිකර්ම ඇමති - මෛත්‍රීපාල සිරිසේන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොහොර ප්‍රශ්නයට වගකිව යුත්තේ කෘෂිකර්ම ඇමති – මෛත්‍රීපාල සිරිසේන



වගාවට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් මෙරට කෘෂිකර්මාන්තයේ ඇතිවූ අවුල්සහගත තත්වයට ප්‍රධාන වගකිවයුත්තා කෘෂිකර්ම ඇමතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

රට තුළ මේ වන විට ඇතිවී ඇති අවුල් සහගත තත්වය නිවැරදි කරගැනීමට කාලයක් ගතවනු ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා එය පහසු කරුණක් නොවන බව ද සඳහන් කළේය.

රසායනික පොහොර යළි ආනයනය කරන්නේ නම් ගොවි ජනතාවට සහනදීමත් කළ යුතු බවද මේ වන විට ගොවි ජනතාවට කිසිම සහනයක් නොමැතිය අසහනය හා ආර්ථික අපහසුතා හේතුවෙන් වහ බොන්නට වන තත්වයක් උද්ගත වී ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.

මෛත්‍රීපාල සිරිසේන මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (24) පැවති පක්‍ෂ ආසන සංවිධායකවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමේ අවස්ථාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.