தமிழ்
English
Contact
Friday 14th August 2020    
පෝස්ටර්, කටවුට් ගලවන්න පොලීසියට කෝටි කෝටි හතහමාරක ප්‍රතිපාදන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෝස්ටර්, කටවුට් ගලවන්න පොලීසියට කෝටි කෝටි හතහමාරක ප්‍රතිපාදන



මහමැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වන අපේෂකයන්ගේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු ඉවත් කිරීම සදහා පොලිසිය වෙත ලක්ෂ 758 ක මුදල් ප්‍රතිපාදන හිමිව ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

මේ වෙනුවෙනුවෙන් පොලිස් නිලධාරීන්ට අමතරව කම්කරුවන් 1539 දෙනකු පොලිස් ස්ථාන මට්ටමින් බඳවාගෙන ඇති බව වාර්තා වේ.

මෙම කම්කරුවන් මේ වනවිට පොලිස් නිලධාරීන් සමග එක්ව අපේක්ෂකයන් අයත් පෝස්ටර්, බැනර් කටවුට් ඉවත් කිරීම අරඹා ඇත.

මැතිවරණ වෙනුවෙන් අපේක්ෂකයන්ගේ අංක, පෝස්ටර් , කටවුට්, ප්‍රදර්ශණය කිරීම හා ඩිජිටල් ප්‍රචාරණ කටයුතු සම්පුර්ණයෙන්ම තහනම් වේ. එහෙත් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන් විශාල කටවුට් ප්‍රදර්ශනය කරමින්, රූපවාහිනී දැන්වීම් හරහා මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.