தமிழ்
English
Contact
Friday 1st July 2022    
පෝළිම් නැතිකරන්න අගමැති වුණා කියපු කෙනා ජාතිය අමතල දුක් අඳෝනා කියනවා - පෙසප | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෝළිම් නැතිකරන්න අගමැති වුණා කියපු කෙනා ජාතිය අමතල දුක් අඳෝනා කියනවා – පෙසප



(TopNews) පන්සලේදී මිනිස්සුන්ට ගෑස්, තෙල්, කිරිපිටි, කන්න බොන්න දෙන්න අගමැති වුණා කියපු කෙනා දැන් ඒ කිසිම දෙයක් දීගන්න බැරුව සැරින් සැරේ සතියකට සැරයක් ජාතිය අමතනල දුක් අඳෝනා කියනවා.වේල් තුනම කන්න බැරි වෙන විදියේ ආහාර හිඟයක් එනවා ඒ නිසා වේල් දෙකක් කන්න කියලා. මැයි 09 වැනිසා උදේ වෙච්ච සිදුවීම ගැන පාර්ලිමේන්තුවේ වචනයක් නොකියන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නමවැනිදා රාත්‍රියේ සිදුවීම් ගැන කියනවා. සිදුවීම ගැන නොකියා ප්‍රතිචාරය ගැන කියන රනිල්ට අඩුම තරමේ රාජපක්ෂලාට සුදු හුණු ගාන්නවත් බැහැ. රනිල් මේ මොහොතේ කළ යුත්තේ නම්බු පිටින් ගෙදර යෑම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේද පැවසීය.

අද (10 වැනිදා) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය කරද්දි ඔහු ලොකු ලොකු චණ්ඩි කතා ගොඩක් කිවුවා. 09 දා රාත්‍රී සිදු වෙච්ච සිදුවීම් ගැන කිවුවා. ඒ සිදුවීම්වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන හැටි කිවුවා. ගොඩක් ලොකු කතා කිවුව විතරක් නෙමෙයි තර්ජනය කිරීමකුත් කළා. TNA මන්ත්‍රී චානක්‍ය රාසමානික්කම් මන්ත්‍රී ධුරයෙන් නෙරපීමට අදාලව කතා ව්‍යංගයෙන් කිවුවා. ඒ විතරක් නෙමෙයි ඒවට පෙරටුගාමී පක්ෂයක් සම්බන්ධ කරල, මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අනෙකුත් පක්ෂ ගැන කියමින් පාර්ලිමේන්තුවේ ජෝගියක් නැටුවා.

චණ්ඩියෙක් ඇවිල්ල ඔය වගේ කතා කිවුව නම් කෙනෙකුට බයවෙන්න තිබ්බා. නැත්තං කේන්ති යන්න තිබ්බා. නමුත් රනිල් කියන්නෙ චණ්ඩියෙක් නෙමෙයි, රනිල් කියන්නෙ දැන් විහිළුකාරයෙක්. රනිල් විහිළුකාරයෙක් නිසා කාටවත් මේව බලද්දි කාටවත් දැන් කේන්ති යන්නෙත් නෑ, බය හිතෙන්නෙත් නෑ. ඒ වෙනුවට වෙන්නෙ හිනායන එක විතරයි.

මේ ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ කරන්නෙ ඇයි කියන එක පැහැදිලියි. රනිල් වික්‍රමසිංහ කියන්නෙ එක ආසනයක් තියාගෙන අගමැති වෙච්ච ලංකාවේ එකම කෙනා. ඔහු අගමැති වෙලා ආශිර්වාද ගන්න ගංගාරාම පන්සලට ගිහිල්ලා එලියට එනකොට අගමැතිකම ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙද්දි කිවුවේ මිනිස්සුන්ට ගෑස් දෙන්න ඕනේ, තෙල් දෙන්න ඕනේ, මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ, ඒව දෙන්න තමයි අගමැති වුණේ කියල කිවුවා.

පන්සලේදී මිනිස්සුන්ට ගෑස්, තෙල්, කිරිපිටි, කන්න බොන්න දෙන්න අගමැති වුණා කියපු කෙනා දැන් ඒ කිසිම දෙයක් දීගන්න බැරුව සැරින් සැරේ සතියකට සැරයක් ජාතිය අමතල දුක් අඳෝනා කියනවා. කළින් සැරේ ජාතිය අමතල කිවුවා වේල් තුනම කන්න බැරි වෙන විදියේ ආහාර හිඟයක් එනවා, ඒ නිසා වේල් දෙකක් කන්න කියලා. රනිල් හිතාගෙන ඉන්නෙ දැනටමත් අපේ රටේ මිනිස්සු තුන්වේලක් කනව කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ රටේ මිනිස්සු දැනටත් වේල් දෙකයි කන්නේ. ඔය රනිල් කියන විදියට ඉස්සරහට අපිට කන්න වෙන්නෙ එක වේලයි.

ගිය සුමානෙ රනිල් පාර්ලිමේන්තුව අමතල කිවුවා තෙල් හිඟයක් එනවා අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා, ගෙදරට වෙලා ඉන්න කියලා. දැන් කවුද අනවශ්‍ය ගමන් බිමන් යන්නේ. රනිල් අනවශ්‍ය ගමන් යනවද කියන්න අපි දන්නෙ නෑ. මිනිස්සු යන්නෙ එන්නෙ අත්‍යවශ්‍ය ගමන් බිමන් තමයි. ඒකට තෙල් ටික දීගන් බැරුව මේ කතා කිය කිය ඉන්නවා.

ඒ විතරක් නෙමයි ඔහු රාජපක්ෂලාගේ හොරකම් ගැන ක්‍රියාකරනව කියල කිවුවා. ඒ ගැන මැදිහත්වෙනව කියල ජනතාවට පොරොන්දු වුණා. නමුත් මේ ගැන කිසිම මැදිහත් වීමක් නෑ. ඔහු අගමැති වෙලා හිටපු ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාවේ සිට මේ දක්වා සිදුවෙච්ච කිසිම දෙයක් සම්බන්ධ විමර්ශන කරල නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනව, යුක්තිය ඉටු කරනවා කියල පම්පෝරි ගහල ඇවිල්ල දැන් පොලිසිය භාර ඇමැති වෙලා හිටපු, ඒ ඉන්න ගමන් උද්ඝෝෂකයන්ට එරෙහිව එල්ල වුණු මැර ක්‍රියා, ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන්න මැදිහත් නොවුණු ප්‍රසන්න රණතුංගව අමාත්‍ය මණ්ඩලයේ තියාගෙන ඉන්නව ලැජ්ජ නැතුව. ඒ විතරක් නෙමෙයි ප්‍රසන්න රණතුංග තර්ජනය කොට කප්පම් ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ වැරදිකරුවෙක් වුණ කෙනෙක්.

මැයි නමවැනිදා අරගියගහ මන්දිරයට මැරයො එකතු කරලා, ගෝල්ෆේස් එකට ගහන්න යවපු මහින්ද රාජපක්ෂ එළියේ. එයා අදත් පාර්ලිමේන්තුවේ ගොත ගගහ කතාවක් කරනවා. තවම මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට අරන් නැහැ. ජොන්ස්ටන්ව අත්අඩංගුවට අරන් නැහැ. රාජපක්ෂල කරපු හොර වැඩ ඔක්කොම ආරක්ෂා කරන ගමන් මේ මිනිස්සුන්ගෙ ප්‍රචණ්ඩත්වයක් ගැන කියනවා.

මැයි 09 වැනිසා උදේ වෙච්ච සිදුවීම ගැන පාර්ලිමේන්තුවේ වචනයක් කියන්නෙ නැති රනිල් වික්‍රමසිංහ රෑ වෙච්ච එකක් ගැන කියනවා. සිදුවීම ගැන නොකියා ප්‍රතිචාරය ගැන කියනවා. එක්කො රනිල් වික්‍රමසිංහට දැන් වයස අවුරුදු 73ක් වෙනවා, කොළ පැටළිලා. රනිල්ට කතාව ලියල දුන්න කෙනා ආපහු බලන්න ලියල දුන්න කතාවමද රනිල් කිවුවෙ කියලා. රනිල්ට කොහොමත් මේ අර්බුදය ගොඩ දාන්න බෑ. අඩුම තරමේ රාජපක්ෂලාට සුදු හුණු ගාන වැඩේ වත් එයාට හරියට කරගන්න බෑ. ඒ නිසා දැන් තියෙන හොඳම දේ රනිල් නම්බු පිටින් ගෙදර යන එක.

දැන් මැයි 09 වෙනිදා ප්‍රචණ්ඩත්වයක් ගැන කියනවා. එතකොට මෙච්චර කල් තිබ්බෙ ප්‍රචන්ඩත්වය නෙමෙයිද? ගෙවල්වල ගෑස් පිපිරුවා. ගෑස් පිපිරිලා මිනිස්සු මැරුණා. ගෙවල් ගිනි ගත්තා. මේ මන්ත්‍රීවරුන්ගෙ ගෙවල් විතරක් නෙමෙයිනෙ ගිනි ගත්තේ. අපේ රටේ හත්සිය ගාණක් ජනතාවගේ ගෙවල් ගිනි ගත්තා. මිනිස්සු මැරුණා. ඒ ගැන එක වචනයක් නැහැ. ඒවට වන්දි ගෙවන්නෙ නෑ කියල කිවුවා. ඉන්ධන පෝළිම්වල, කිරිපිටි පෝළිම්වල ඉඳල මේ වෙන කොට හත්දෙනක්, අට දෙනෙක් මිය ගිහිල්ලා. පෝළිම්වල මිනිස්සු මැරුණා.

අර එක්ස්ප්‍රස්පර්ල් නැව ගිනි ගත්තා. ඒ වෙලාවේ කැස්බෑවො ඇතුළු මුහුදු ජීවින් සිය ගණනක් මිය ගියා. නාලක ගොඩහේවා ඇවිල්ල සාමන්‍ය ජනතාවගේ බුද්ධියට නිගා කළා, මිනිස්සුන්ට අවමන් කළා, මේ වාරකන් නිසයි සත්තු මැරෙන්නෙ කියලා. එහෙම තියෙද්දි ඒ ප්‍රචණ්ඩත්වයන් දරාගෙන හිටියා අපේ මිනිස්සු. ඔය ගෙවල් ගිනි ගත්තු එක නෙමෙයි අර කැස්බෑවො ගිනි ගත්තු එක ගැන මොනවද කියන්නේ?

කොවිඩ්වලට ගේන එන්නතෙන්, ඇන්ටිජන් කිට් එකෙන් පවා වංචා කළා. ඒ වංචාවල් හංගන්න ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ටික මකල දැම්මා. මේ සිදුවීම වෙලා දැන් මාස ගාණක්. කෝ විමර්ශන? කෝ ඒ දත්ත? කෝ මකපු අය? ඒව ජනතාව ඉවසගෙන හිටියා.

අන්තිමටම ගිය දෙසැම්බර් මාසේ මේ වර්ෂයේ මාර්තු මාසයේ සිට අවශ්‍ය ඖෂධ සඳහා ණයවර ලිපි නිකුත් කරන්න තිබ්බා. බැසිල් රාජපක්ෂ ඒව විවෘත කළේ නෑ සල්ලි නෑ කියලා. ඖෂධ ගෙන්වන්න සල්ලි නෑ කියල තමයි ජනවාරි මාසේ ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරේට ණය වාර්ක ගෙව්ව‍ෙ. ණය වාරික ගෙවනව කියල ඇත්තටම කළේ ඒ ගොල්ලන්ගෙ සාක්කුවලට සල්ලි දාගත්තු එක. ලංකාවේ ලක්ෂ දෙසිය විස්සක ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම අවධානමේ දැම්මා. ඒ මිනිස්සු අද මැරෙනවා. ඒව ප්‍රචණ්ඩත්වය නෙමෙයිද? ඒව මිනීමැරුම් නෙමෙයිද? ඔය ඔක්කොම මිනිස්සු ඉවසගෙන හිටියා.

අද වෙනකොට දැවැන්ත ප්‍රශ්නයක්. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙ සංගමය කියනවා අඩු බර දරුවන් සඳහා ලබාදෙන යකඩ සිරප් එක තොග අවසන් වෙලා. ඒ නිසා දැන් ගෙවල්වලට ගිහින් දරුවගෙ බර කිරුවට වැඩක් නෑ, යකඩ සිරප් එක දෙන්න විදියක් නැති නිසා. ඒ වගේමයි ගැබිණි මව්වරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරල තියෙනව ආහාර වේලක්. ඒ ආහාරවේල ගැබිණි මවට දෙන්න මාසෙකට රුපිටල් හැට හැත්තෑදාහක් යනවා. ඒක දැන් හැටියට සුඛෝපභෝගී ආහාරවේලක්. ඉදිරියේදී ගැබිණි මව්වරුන්ගේ නීරක්තිය, අඩු බර දරු උපත් වගේ ප්‍රශ්න එනවා. ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න විදියක් නෑ. බෙහෙත් නෑ. මොකක්වත් නෑ.

අඩුම ත්‍රිපෝෂ ටික පවා දෙන්නෙ නෑ. හේතුව විදියට කියන්නෙ ත්‍රිපෝෂ නිශ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු අස්වැන්න නැති වුණා කියල. හැබැයි එතනෝල් නිශ්පාදනය සඳහා කුප්‍රකට ව්‍යාපාරිකයෙක්ගෙ අරක්කු නිශ්පාදනාගාරයකට බඩඉරිඟු පිට රටින් හොර රහසේ ගෙනල්ල තියෙනවා. එක පිස්සෙක්ට ඉතිහාසගත වෙන්න ඕනෙ නිසා කියලා ලංකාවේ සාම්ප්‍රදායික ශිෂ්ඨාචාරයේ තිබුණු කෘෂිකර්මාන්තය විනාශ කරල දැම්මා. අද වෙනකොට ආහාර හිඟයක් ඇවිල්ල. මේව ප්‍රචණ්ඩත්වය නෙමෙයිද?

මිනිස්සු ලක්ෂ දහයක් අතේ තියාගනෙ හිටිය නං ඒ ලක්ෂ දහය ලක්ෂ තුනට වැට්ටුවා මේ උන්ඩියල් ජාවාරම නිසා. රුපියලේ අගය හිතාමතා අගයන් දෙකක පවත්වාගෙන යමින් උන්ඩියල් ජාවාරම කළා. ඒ ජාවාරමට උදව් කළා බැසිල් රාජපක්ෂ. ඒ නිසා බැසිල් රාජපක්ෂලාට මාධ්‍ය සාකච්ඡා තියල නිකං බැහැල යන්න බෑ. ඒ ගොල්ලො හිරේ යන්න ඕනේ මේ කරල තියෙන අපරාධවලට.

බැසිල් රාජපක්ෂ කියනකොටත් කිවුවා මම ආවෙ නඩු ටික බේරගන්න. ඒ වැඩේ හරි. ඒ නිසා මම යනව කියලා. දැන් නඩුත් නෑ, සංචිතේ තිබ්බ සල්ලි ටිකත් නෑ. මේ තක්කඩි හිරේ දානව වෙනුවට මොනවද කරන්නේ. මේ ප්‍රචණ්ඩත්වය නෙමෙයිද?

ඊයේ පාර්ලිමේන්තුවේ විදුබල සංශෝධන පනත සම්මත කළා ටෙන්ඩර් කැඳවීමකින් තොරව පෞද්ගලික අංශයෙන් විදුලිය මිළදී ගැනීමට. තමන්ට කැමති සමාගමකින් විදුලිය ගන්න බලය එනවා විදුලිබල අමාත්‍යාංශයට. ඇමැතිවරයට බලය එනවා. ඒ විතරක් නෙමෙයි, අඩුම මිළ තියෙන සමාගමෙන් ගන්නෙ නැතුව වැඩි මිළ කිවුවත් තමන් කැමති සමාගමකින් මිළට ගන්න අවස්ථාව ලැබෙනවා. මේව ප්‍රචණ්ඩත්වය නෙමෙයිද?

ඒ ප්‍රචණ්ඩත්වයට මිනිස්සු ප්‍රතිචාර දක්වපු විදිය තමයි මේ. නවවෙනිදා රාත්‍රියේ මහජන කැළඹීම්, ජනතාවගේ ක්‍රියාකාරීත්වය ගත්තට පස්සෙ ඒක මෙතෙක් කල් සිද්ද වෙච්ච අපරාධවලට ප්‍රතිචාර දැක්වීමක්. අලු යට ගිනි වගේ, ගිනි කන්දක ලාවා එකතු වෙනව වගේ දීර්ඝ කාලයක් තිස්සෙ මිනිස්සුන්ගෙ එකතු වෙච්ච කෝපය, අතෘප්තිය, අසහනය, වෛදරය තමයි නමවැනිදා රාත්‍රියේ පිටාර ගැලුවේ. මෙතන තිබුණේ ජනතා ආවේගයක්.




Related News