தமிழ்
English
Contact
Friday 22nd November 2019    
පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් කෙරෙන පනත්වලට එරෙහිව අන්තරේ විරෝධතා බැනරයකට අත්සන් තබයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් කෙරෙන පනත්වලට එරෙහිව අන්තරේ විරෝධතා බැනරයකට අත්සන් තබයි



තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය මුවාවෙන් ගෙන එන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමන ලෙස සහ 1978 විශ්වවිද්‍යාල පනතට ගෙන එන සංශෝධන වහා හකුළා ගන්නා ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතා බැනරයකට අත්සන් තැබීම සහ අත් පත්‍රිකා බෙදා හැරීමක් කොළඹදී සිදුවිය. එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පැවසුවේ ආණ්ඩුව මැතිවරණය පිට දමමින් ජනතාවගේ අයිතිවාසිකම් කොල්ලකමින් සිටින බවයි. එසේම අධ්‍යාපන අයිතිය කොල්ල කෑම සඳහා ගෙන එන පෞදගලික විශ්ව විද්‍යාල පනත සහ 1978 විශ්ව විද්‍යාල පනත් සංශෝධනයට එරෙහිව දිගින් දිගටම අරගල කරන බවද එම හිමියන් පැවසීය.