தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
බැංකු අර්බුදයක් වළක්වා ගත යුතුයි - ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැංකු අර්බුදයක් වළක්වා ගත යුතුයි – ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!



ලංකාවේ බැංකු අර්බුදයක් ආසන්න වෙමින් පවතින බව Colombo Telegraph වෙබ් අඩවියට ලිපියක් සපයමින් හේම සේනානායක නමැති ආර්ථික කටයුතු හා මුල්‍ය ප්‍රවණතා විශ්ලේෂකයා අනතුරු අඟවයි.

ඔහු අදාළ වෙබි අඩවියට මෙන්ම වෙනත් ජනමාධ්‍ය වෙත ආර්ථික තත්ව විශ්ලේෂන මෙන්ම මුල්‍ය ප්‍රවණතා සම්බන්ධ තොතරුරු විශ්ලේෂණ සපයයි. විශේෂයෙන්ම කොරෝනා අර්බුදයට පෙර සිටම ලෝකය මුහුණ දෙන ආර්ථික අර්බුදයක ලංකාවේ අවදානම සම්බන්ධ ඔහු විසින් මින් පෙර අනතුරු අඟවා තිබිණි.

Colombo Telegraph වෙබ් අඩවියට ලිපියක් සපයමින් ඔහු පවසන්නේ ‘ලංකාවේ බැංකු පද්ධතිය අනතුරුදායක අර්බුදයකට යමින් තිබෙන බව’යි. මෙවැනි අනතුරක් උදාවෙමින් පවතින බවට ආසන්නම සාක්ෂ්‍ය ලෙස ලංකා බැංකුව විසින් ප්‍රසිද්ධ කරන ලද දැන්වීමක් සහ මහබැංකුව විසින් වානිජ බැංකු වෙත කළ නියෝගයක් ලේඛකයා විසින් නිදසුන් ලෙස දක්වයි.
ලංකා බැංකුවේ (BOC) වෙළඳ දැන්වීමේ සඳහන් වන්නේ තම වත්කම් ට්‍රිලියන තුනක් බවට පත්ව ඇති බවයි. අනෙක් සාධකය නම්, ගිණුම් විගණනය කරන තෙක් වාණිජ බැංකු ලාභ ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් පනවා ඇති සීමාවයි. ලේඛකයා පවසන ආකාරයට මෙවැනි ප්‍රචාරයන්ගේ පළමු අරමුණ වන්නේ පවතින තත්වයන් වසං කරමින් වෙනත් තොරතුරු බැංකු ගනුදෙනුකරුවන් වෙත ගෙන යාමයි. ‘ලංකා බැංකුව සතුව රුපියල් ට්‍රිලියන 3ක් ඇත’ යන්න බැංකුවේ ස්ථාවරභාවය සම්බන්ධ ඇඟවුමක් ලබාදීමක් වුවද එවැනි පුවතක් මුදල් ගෙවා වියදම් කළ දැන්වීම් හරහා පළ කිරීම නිසාම ප්‍රතිවිරුද්ධ ලෙස එම බැංකුවේ ස්ථාවරභාවය අභියෝගයට ලක්ව ඇති බවක් ගම්‍ය වන බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මුල්‍ය ස්ථාවරභාවය අවදානමට ලක්ව ඇති අවස්ථාවකදී  මෙම ක්‍රියාවෙහි අභිප්‍රාය විය යුත්තේ බැංකුවල දුර්වල ක්‍රියාකාරිත්වයන් ඇත්නම් ඒවා හෙළිදරව් කිරීම කල් දැමීමයි. තැන්පතුකරුවන්ට බැංකුවල විශ්වසනීයත්වය අහිමි වුවහොත්, බැංකු බිඳවැටීම වැළැක්වීමට මෙම කිසිදු පියවරකට නොහැකිය.
ලේඛකයා විසින් වර්තමාන බැංකු ක්‍රමයේ ඇති අවදානම තේරුම් ගැනීමට දීඇති සරල උදාහරණයකින් පැවසෙන්නේ යම් බැංකුවක තැන්පත්කරුවන්, තම තැන්පතුවලින් 10% ක් දිනක් ඇතුළත ආපසු ලබා ගන්නේ නම්, ඊළඟ දවසේ බැංකුව ව්‍යාපාර සඳහා දොරවල් වසා දැමිය යුතු තත්වයකට ඇද වැනෙු ඇති බවය.
මේ නිසා ලංකාවේ ආර්ථිකයේ උද්ගතව ඇති ගැඹුරු අර්බුදය නිසා බැංකු අර්බුදයක් මෝරා යමින් තිබෙන බව පිළිගත යුතුව ඇත.
තවමත් මහ බැංකුව මේ සම්බන්ධ වගකීම් සහගත ප්‍රකාශයක් ලබා දීමට මහබැංකුවේ අධිපතිවරයා අසමත් බවද නේවා දෙන හේම සේනානායක, දැනට ආණ්ඩුව විසින් ගෙනයන මුදල් නෝට්ටු අච්චු ගැසීමේ ක්‍රියාදාමය මහබැංකුවේ අධිපතිවරයා නිර්දේශ කරන විසඳුමක් බව පවසයි. කෙසේවෙතත්, ලේඛකයා අවධාරණය කරන්නේ මෙම ක්‍රියාවලිය යම් හේතුවකින් වැරදී ගියහොත් එහි අවසන් ප්‍රතිඵල සමාජයක් විසින් ගෙවන්නට සිදුවන නිසා සියලු දෙනා මේ සම්බන්ධ අවධානය යොමු කළ යුතු බවය.