தமிழ்
English
Contact
Monday 26th October 2020    
බතලේගල කඳුමුදුනේ බෝර දමමින් පරිසර විනාශයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බතලේගල කඳුමුදුනේ බෝර දමමින් පරිසර විනාශයක්!



කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ පිහිටි බතලේගල(Bible Rock) කන්ද මුදුනේ සිදුකරමින් පවතින හානිදායක ඉදිකිරීම් නිසා දැඩි පාරිසරික තර්ජනයක් උද්ගත වෙමින් පවතී.
මුහුදු මට්ටමේ සිට අඩි 2,780ක් උසින් පිහිටි මෙම කඳු මුදුන මත ගල්තලා සිදුරුකරමින් අනවසර ඉදිකිරීම් කරගෙන යයි. අක්කර 150ක් පුරා පැතිර ඇති රක්ෂිත ප්‍රදේශයක් වන මෙහි අක්කර 6ක් ආගමික ස්ථානයක් සඳහා වෙන්කර ඇත. එහෙත් මේවනවිට ඉදිකිරීම් සිදුවන්නේ එම ආගමික ස්ථානයේ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙසය. අලුතින් සිදුකරන ඉදිකිරීම්වල විනාශකාරී ස්වභාවය සැගවීමට පවතින ආගමික පක්ෂපාතිකම් පාවිච්චි කරමින් වංචනික ලෙස අනවසර ඉදිකිරීම් සිදුකරන බව පැහැදිලිය.
වඳවෙමින් යන සත්ව හා ශාක විශේෂ කීපයක් පවා හමුවන බතලේගල ගල මේවන විටත් තැනින් තැන බෝර දමා පුපුරවා තිබේ. බතලේගල නැරඹීමට දිනපතා පැමිණෙන සංචාරකයන් ලවා කඳුමුදුනට වැලි සහ තවත් ගොඩනැගිලි ද්‍රව්‍ය පවා අද්දවා ගන්නට කටයුතු කරමින් තිබේ. හමුදා සොල්දාදුවන් කීප දෙනෙක්ද මේ කාර්යයන් සඳහා මේවනවිටත් යොදවා ඇත.
පසුගිය වසර කීපය තිස්සේ බතලේගල පිහිටි ගුහා තුල දැකිය හැකි දිය උල්පත් ක්‍රමයෙන් වේලියන බවද දැකිය හැක. මෙම පර්වතයට මුහුණලා පිහිටි සාමසර කන්ද නායයාමේ මතකය මැකීයාමටත් පෙරම බතලේගලට සිදුකරන මෙම විනාශය තවත් නායයාම් විපත් සඳහා අතවැනීමක්ද විය හැක.

බෝර දමා ගල් කැඩීම….
ගල්තලාව මත සිදුුරුකර කොන්ක්‍රිට් දැමීමට සූදානම්…
අනවසර ඉදිකිරීම්….