தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
බදුල්ල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බදුල්ල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි



අධික ලෙස වැසි ඇදහැලෙමින් පවතින බැවින් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අද (19) සවස නායයාමේ අවදානම් කහ නිවේදන නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ නිසා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල අවදානම් කලාපවල සිටින ජනතාව තවදුරටත් වර්ෂාව පවතී නම් නායයෑමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ, පස්කඳු කඩාවැටීමේ, හා පොළොව ගිලා බැසීමේ අවදානම් අවස්ථා පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටි යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට නිවේදනය කරයි.

මේ අතර පවතින ධාරානිපාත වර්ෂාව සමඟ හපුතලේ ගල්කන්ද වත්තේ අද (19) සවස සිදුවූ නායයාමකින් පසු ඒ ආසන්නයේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් 16ක් ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් පවසා තිබේ.