தமிழ்
English
Contact
Friday 29th May 2020    
බදුල්ල රැස්වීමේදී පක්ෂ ප්‍රතිපත්ති කැඩුවොත් විනය ක්‍රියාමාර්ග ගන්නවා - අඛිල විරාජ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බදුල්ල රැස්වීමේදී පක්ෂ ප්‍රතිපත්ති කැඩුවොත් විනය ක්‍රියාමාර්ග ගන්නවා – අඛිල විරාජ්



බදුල්ලේ සංවිධානය කර ඇති රැස්වීමේදී පක්ෂ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් පවසයි.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් සජිත් ප්‍රේමදාස පිළිගැනීමේ උත්සවයක් මෙම මස අගෝස්තු 12වැනිදා බදුල්ලේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එම උත්සවයේදී එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන බව නිවේදනය කරනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වේ. මෙම උත්සවයේදී සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනු ඇති බව අජිත් පී. පෙරේරා ද මාධ්‍යට පවසා තිබුණි.

කෙසේවෙතත් බදුල්ල රැළිය පිළිබඳ අදහස් දක්වමින් අඛිල විරාජ් පවසා තිබුනේ කිසියම් හෝ උත්සවයක් සංවිධානය කිරීම වරදක් නොමැති වුවත් එහිදී පක්ෂ ප්‍රතිපත්ති උල්ලංඝණය නොකළ යුතු බවයි.