Posted on 06.22.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බදු වංචා චෝදනාව නිසා අපකීර්තියට පත් කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා අද(22) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවරුම් දුන්නේය.
සිය ව්‍යාපාරික කටයුතු වලින් ඉපයූ අති විශාල ධනයෙන් ආදායම් බදු නොගෙවීම හේතුවෙන් චෝදනාවට ලක්වී සිටි ධම්මික පෙරේරා පසුගිය කොරෝනා සමයේ ගෘහ සනීඵාරක්ෂක උපකරණ මිල අධික ලෙස ඉහළ නැංවීමෙන් අයථා ලාභ ඉපයූ බවටද චෝදනා ලැබීය.
ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ නම් කළ මන්ත්‍රීවරයකු ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙරාතුව පොදුජන පෙරමුණේ සාමාජිකයකු ලෙස නම් කරනු ලැබිණි.
කෙසේවෙතත් ආදායම් දෙපාර්තමේන්තු මූළාශ්‍ර හෙළිකරන්නේ ඔහු විසින් වංචනික ලෙස පැහැර හරින ලද බදු මුදල් මැතිවරණ නීතිය පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ලෙස නම් කිරීමට දින කිහිපයකට පෙර ගෙවනු ලැබ ඇති බවය.