தமிழ்
English
Contact
Monday 26th October 2020    
බන්දුල, ක්‍රිකට් පිටියෙන් හම්බන්තොටට පනී - මහින්දගෙන් ලකුණු දමාගැනීමේ වෑයමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බන්දුල, ක්‍රිකට් පිටියෙන් හම්බන්තොටට පනී – මහින්දගෙන් ලකුණු දමාගැනීමේ වෑයමක්!



මහජන මුදලින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් තැනීමට ගොස් ජනතා විරෝධය නිසා ඒය නවතා දැමූ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමති බන්දුල ගුණවර්ධන, රාජපක්ෂවරුන්ගෙන් ලකුණු දමාගැනීමට හම්බන්තොට විශ්වවිද්‍යාලයක් ආරම්භකරන බව පවසයි.

පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය නියෝජිතයන් දැනුම්වත් කිරීමේ හමුවකදී ඔහු මෙසේ පැවසා ඇත්තේ අද (7) තංගල්ලේදීය.
හෝමාගම රජයේ ඉඩමකින් අක්කර 26ක් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අළුභාවිත කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියකට ජනතාවගේ මුදලින්රු. බිලියන 50ක් වෙන්කරන්නට තැත්කළ බන්දුල ගුණවර්ධන, ජනාධිපතිගෙන් හා අගමැතිවරයාගෙන් දොස් ඇසූ බවද දැනගන්නට ඇත. මේ අවමානයෙන් ගැලවෙන්නටත් රාජපක්ෂවරුන්ගෙන් ලකුණු දාගන්නටත් දරන උත්සාහයක් ලෙස ඔහු, 2020 වර්ෂය ගෙවීයාමට පෙර හම්බන්තොට විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 5ක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙන බවද ඔහු පවසා ඇත. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ රු. 45000ක් අවශ්‍ය බව මහබැංකුව ගණන් හදා තිබියදී රු. 2500කට පවුලක් නඩත්තු කළ හැකි බව පැවසූ මෙ ඇමතිවරයා 2014 අවසානයේ මහින්ද පාලනය පරාජය කරා ගෙනයාමේදී ප්‍රමුඛ කාර්යයක්ද ඉටුකරන ලදී.
වෙනත් ජනාකීර්ණ දිස්ත්‍රික්කවල විශ්වවිද්‍යාල පවතින නිසා හම්බන්තොට ඇති අඩුවක් සපුරන්නට විශ්වවිදයාලයක් ලබාදෙන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියා සිටී.
“කොළඹ දිස්ත්‍රීක්කයේ විශ්ව විද්‍යාල හැටහුටහමාරක් තිබෙනවා. හම්බන්තොටට විශ්ව විද්‍යාලයක් නැහැ. මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. හම්බන්තොට දැනුම් කේන්ද්‍රයක් බවට පත් කරනවා” යැයිද කීවේය.
හම්බන්තොට ජනතාවගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශ්විද්‍යාලයක් ලබාදීම මීට පෙරාතුව සිදුකළ යුතු කාර්යයකි. ඒහෙත්. මැතිවරණ පොරොන්දුවක් ලෙස ඒය පැවසීමත් හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අදහස පරාජය වූ පසුව ඒය ප්‍රකාශ කිරිමත් නිසා බන්දුල ඇමතිවරයාගේ කූට අරමුණ අනාවරණය වේ.