Posted on 10.18.2021 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තත්වය ලබාගැනීමේදී ක්‍රිකට් නායකයා වලෙස කටයු කළ බන්දුල වර්ණපුර අභාවයට පත් විය.
පසුගිය බදාදා (06) දින හෘදයාබාධ තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු දකුණු පාදය ඉවත් කිරීමෙන් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට පත් නොවීය. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගත් නමුත් ඔහු අද දින පෙරවරුවේ අභාවයට පත් විය.
මිය යනවිට 68 වියෙහි පසුවූ ඔහු ක්‍රිකට් නායකයා ලෙස ටෙස්ට් තරග 04ක් හා එක්දින තරග 12ක් ක්‍රීඩා කර ඇත.
1979 වසරෙ ලෝක කුසලානයේදී ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් පළමු එක්දින ක්‍රිකට් ජයග්රහනයක් වාර්තා කළේද බන්දුල වර්ණපුරගේ නායකත්වය සහිත ක්‍රිකට් කණ්ඩායමකි. 1982/83 සමයේ වර්ණබේදවාදී පාලනයක් සහිත දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා තරග සංචාරයට එක්වීම හේතුවෙන් ඔහුට මෙරට ක්‍රිකට් පාලක මන්ඩලයේ තීරණයක් ලෙස ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තරගවලට සහභාගි වීම තහනම් කෙරිණි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කෙරුණද ඔහු ක්‍රිකට් පුහුණුකරුවකු, විස්තර විචාරකයකු මෙන්ම කලමනාකරුවකු ලෙස කටයුතු කළ අතර මිය යන විට බ්ලුම්ෆිල්ඩ් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා විය.
මෙම වසරේ පැවති ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වී අවසන් අවස්ථිවේදී ඉන් ඉවත්වීමට ඔහු කටයුතු කළේය.