தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
බන්ධනාගාරවලින් ආසාදිතයන් 400ක් - නව කොරෝනා පොකුරක අනතුරක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බන්ධනාගාරවලින් ආසාදිතයන් 400ක් – නව කොරෝනා පොකුරක අනතුරක්!



මේ වනවිට මෙරට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 400කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබීමත් සමග බන්ධනාගාර ආශ්‍රිතව වසංගතය ව්‍යාප්තවීම සම්බන්ධ සෞඛ්‍ය අංශ අවධානය යොමු වී ඇත.

එමගින් බන්ධනාගාර නිලධාරින් හා වෙනත් සේවකයන් හරහා රෝගව්‍යාප්තියක් ඇති වීමේ අනතුරක් මතුවීමට ඇති අවදානම සැළකිල්ලට ලක්ව තිබේ. මේ වනවිට දිවයිනේ බන්ධනාගාර 11ක දැරිය හැකි රැඳවියන් ගණන මෙන් 3 ගුණයක් සිරකරුවන් පිරී ඇත.

මේ අතරින් සුලු වැරදි මත හෝ දඩය ගෙවාගැනීමට නොහැකිවීම නිසා සිරදඬුවම් විඳින පිරිස විශාල අගයකි. පසුගිය වසංගත සමයේ මෙම තත්වය සලකා ඒවැනි සිරකරුවන් නිදහස් කිරීමේ නීතිමය ක්‍රියාදාමයක් ආරම්භ කරන ලෙස නීතිඥවරු මෙන්ම සිවිල් සමාජ කන්ඩායම් ආණ්ඩුවට බලපෑම් සිදුකළද කිසිදු පියවරක් ගනු ලැබු‌වේ නැත. ඒ වෙනුවට ආණ්ඩුවට සමීප මිනිමැරුම් චෝදනා ලැබුවකු නිදහස් කිරීම පවා සිදු විය.

කෙසේවෙතත් බන්ධනාගාර තුළ ආසාදිතයන් හමුවෙමින් තිබීඹ විශාල අවදානමක් ලෙස තිබේ. මේ වනවිට රිමාන්ඩ් භාරයේ සිටින පිරිසට මෙන්ම සුලු වැරදි නිසා සිරදඬුවම් විඳින පිරිස කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්වන තත්වයක් ඇතිව තිබේ. එපමණක් නොව, දැනට ජීවිත කාලයෙන් විශාල කොටසක් සිරතව වාසය කරන වයෝවෘද්ධ සිරකරුවන්ද බන්ධනාාරවල රඳවා තැබීමෙන් කොරෝනා රෝගයට ගොදුරුවීමේ අවදානමට ලක්ව ඇත.

මෙම කරුණු සම්බන්ධව ඉක්මන් පියවර නොගතහොත් මීළඟ කෝවිඩ් පොකුර බන්ධනාගාර ආශ්‍රයෙන් වයාප්තව පිටස්තර පළාත්වල ගම්වලට පවා පැතිර යාමේ අනතුරක් ඇත.