தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
බන්ධනාගාරවල සිටින සුලු චෝදනා එල්ලවූ සිරකරුවන් නිදහස් කිරීම ගැන ජනාධිපතිගේ අවධානය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බන්ධනාගාරවල සිටින සුලු චෝදනා එල්ලවූ සිරකරුවන් නිදහස් කිරීම ගැන ජනාධිපතිගේ අවධානය



සුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ සිරකරුවන්ට සහ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව සිරගතව සිටින පිරිසට යම් සහනයක් ලබා දෙන ක්‍රමයක් තිබේදැයි සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීති විශාරදයින්ට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සුළු වැරදි සිදුකළ සිරකරුවන්ට නීතිමය සහන සැලසීමේ හැකියාව පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ සාමාජිකයන් සමඟ අද ජනාධිපති මහලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් නිකුත් කර තිබේ.

මීට පෙර ජනාධිපතිවරයා විසින් කරන ලද පරීක්ෂණ චාරිකාවකින් අනතුරුව රැඳවියන්ට සහන සැලසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. දඩ මුදල් ගෙවීමට හෝ ඇප මුදල් ගෙවීමට හෝ පුද්ගලික ඇප ලබා දීමට නොහැකි වූ රැඳවියන්ට නීතිමය සහන ලබා දීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුව මාර්තු 26 වන දින නැවත ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය සහ බන්ධනාගාර දෙපර්තම්නේතුවේ නිලධාරීන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර, බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් වෙනුර ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ නීතීඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්සා, ලේකම් කෞශල්‍ය නවරත්න, ජනාධිපති නීතිඥ ෂවේන්ද්‍ර සිල්වා සහ නීතිඥ සුසරා දිනාල් මෙම රැස්වීම සඳහා සහභාගී වී තිබේ.