தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
බන්ධනාගාර කොමසාරිස් ඉල්ලා අස්වෙයි? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බන්ධනාගාර කොමසාරිස් ඉල්ලා අස්වෙයි?



වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී ලොහාන් රත්වත්තේ විසින් කිසිදු ප්‍රචණ්ඩ හැසිරීමක් සිදුකර නොමැති බවට අසත්‍ය ප්‍රකාශ කළ බන්ධනාගාර කොමසාරිස් ඉල්ලා අස්විය යුතු බවට බන්ධනාගාර නිලධාරින් ඉල්ලා සිටින බව වාර්තා වේ.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් වැලිකඩ බන්ධනාගාරයේ කිසිදු ප්‍රචණ්ඩ සිදුවීමක් සිදුව නොමැති බවද බන්ධනාගාරවලට ඇතුළු විය හැකි බලයක් ඇති නිසා ඇමතිවරයා සිරකරුවන් බැලීමට ගිය බවත් පවසා තිබිණි.

මේ සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සාමාන්‍ය කාර්යමණ්ඩලය තුළ දැඩි අප්‍රසාදයක් පළ වී ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැලිකඩ ඝාතනය, වවුනියාව ඝාතනය සහ මහර ඝාතන හා සමානව අපකීර්තිමත් අවස්ථාවක් ලෙස මෙම සිදුවීම සටහන් වන බව පවසන බන්ධනාගාර නිලධාරිහු දේශපාලන ගැතිකම නිසා ප්‍රසිද්ධියේ අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාවගේ විශ්වාසය කඩ කළ කොමසාරිස් තුෂාර උපුල්දෙණිය විශ්වාස කළ නොහැකි අයකු බවට පත්ව ඇති බව පවසති.

ලොහාන් රත්වත්තේ ඇමතිවරයා ප්‍රචණ්ඩ ලෙස හැසිරීමෙන් බන්ධනාගාර නිලධාරින් මෙන්ම සිරකරුවන් භීතියට හා අවමානයට පත් කිරීමේ වරද පිළිගෙන ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වී ඇත.