Posted on 06.27.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වැලිකඩ සහ මහර බන්ධනාගාර රැඳවියන් තෙවැනි දිනටත් ආහාර වර්ජනයක නිරත වෙමින් සිටින බව බන්ධනාගාර ප්රකාශක චන්දනා ඒකනායක පවසයි. ආහාර වර්ජනයට අමතරව ඔවුන් වහලවල් මත නැගී විරෝධතාවයක ද නිරත වෙමින් සිටියි.
බන්ධනාගාර ප්රකාශක කියා සිටියේ ඊයේ රැඳවියන් වර්ජනය අත්හැර දමා තිබූ නමුත් අද එය නැවත ආරම්භ කළ බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමෙන් අනතුරුව මරණ දඞුවම හිමිවු රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරතවීම ආරම්භ කරන ලදී.
රැඳවියන් ඉල්ලා සිටින්නේ තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙසයි.