தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
බයිඩන් නිසැක ජය කඩඉමක - ප්‍රාන්ත 2කදී ට්‍රම්ප් ඡන්ද 5600කින් පසුපසට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බයිඩන් නිසැක ජය කඩඉමක – ප්‍රාන්ත 2කදී ට්‍රම්ප් ඡන්ද 5600කින් පසුපසට!



එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම ප්‍රමාද වුවද ඡන්ද ගණන්කිරීම් හරහා ලැබෙන තොරතුරු අනුව, ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය බොහෝ දෙනා අනුමාන කරන තත්වයක් මතුව ඇත.

බයිඩන් මේ වනවිට පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන ජනපද දෙකේදීම ට්‍රම්ප් පසු කර යමින් සිටින බව අනාවරණය වෙමින් තිබේ. ජනාධිපතිධුරය ලැබීමට ‘මැතිවරණ විද්‍යාල ක්‍රමයෙන් ආසන 270ක බලය තහවුරු කරගත යුතු අතර ට්‍රම්ප් 214 සිටියදී ජෝ බයිඩන් මේ වනවිට ආසන 264 දක්වා පැමිණ ඇත.
පෙන්සිල්වේනියා ජනපදයේ මේ වනවිට ගණනය කර ඇති ඡන්ද අනුව ජෝ බයිඩන්, ට්‍රම්ප්ට වඩා ඡන්ද 5,600කින් ඉදිරියෙන් සිටී. එම පරතරය ඉදිරියට පවත්වා ගෙන යන්නේ නම් බයිඩන්ට මැතිවරණ විද්‍යාල ක්‍රමයේ ආසන 20ක් හිමිවනු ඇත. කෙසේ වෙතත් ඊට අඩුවෙන් ආසන හිමි වූවද ඔහුට 270 ඉලක්කය පසුකිරීමට අවශ්‍ය වන්නේ මැතිවරණ විද්‍යාල ක්‍රමයේ ආසන 7ක් පමණි. ට්‍රම්ප්ට ඒ් සඳහා මැතිවරණ විද්‍යාල ආසන 56ක් දිනාගත යුතුව තිබේ. එහෙත් ඒ අනුමාන කළ නොහැකි ඉලක්කයක්ව තිබේ.