தமிழ்
English
Contact
Thursday 21st March 2019    
බරපතල දූෂණ වංචා වාර්තාව මහින්දට පිළිගන්න බැහැලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බරපතල දූෂණ වංචා වාර්තාව මහින්දට පිළිගන්න බැහැලු!



සිය ආණ්ඩු සමයේ සිදුවූ බව කියන බරපතල දුෂණ වංචා ක්‍රියාවන් පිළිබඳ විර්ශනය කළ බරපතල දුෂණ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී ස්වාධීන රෑපවාහිනී සේවය පිළිබඳ පැවසු කරුණු වලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මේ බව පවසා තිබුණි.

එහිදී මංගල සමරවීර පවසා තිබුණේ ස්වාධින රූපවාහිනී ආයතනයේ දැන්වීම් පළකිරීමේදී මහින්ද රාජපක්ෂ විසින් මිලියන ගණනක මුදලක් නොගෙවා ඇති බවයි.

රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ දුෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ විමර්ශනය කිරිම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කළේය.

එම වාර්තාව පිළි නොගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා පැවසු අවස්ථාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ හොඳම යහලුවෙකු බවට පත්ව ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒ බව පවසන ලෙසයි.