தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර එ්කකය වසා දමයි - ලක්ෂ ගණනක් රෝගීන් දුෂ්කරතාවයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර එ්කකය වසා දමයි – ලක්ෂ ගණනක් රෝගීන් දුෂ්කරතාවයට!



රත්නපුර දිස්ත‍්‍රික්යේ බලංගොඩ ජනතාවට ඇති එකම සෞඛ්‍ය පහසුකම් ස්ථානය සහ ආසන්න ගම්මාන සිය ගණනක ජනයාට වැඩිදුර ප්‍රතිකාර ගන්නට ඇති පහසුකම් සහිත රෝහල ලෙස සැළකිය හැකි බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසාදැමීමෙන් ලක්ෂ ගණනක් රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්වන බව ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ‘ බලංගොඩ ශාඛාව පෙන්වා දෙයි.

2012 දෙසැම්බර් 12වනදා ඉතා දුෂ්කරතා මැද ආරම්භ කරන ලද බලංගොඩ රෝහලේ දැඩිසත්කාර ඒකකය, පසුගිය ජනවාරි 17වන දින සිට වසා දමා ඇත්තේ දැඩි වෛද්‍ය හිගය නිසා බව රෝහල් පරිපාලනය පවසයි. මෙම පියවර නිසා රෝගී තත්වයන් උත්සන්න වීම නිසා අවදානමට ලක්වන රෝගීන් කි.මී. 45ක පමණ දුරින් පිහිටි රත්නපුර ශික්ෂණ රෝහල වෙත යවන්නට සිුවන අතර ඒ නිසා එම රෝහලරෛා්ගී තදබදය තවදුරටත් ඉහළ යයි. එපමණක් නොව, සිය රෝගී ඥාතියා බැලීමට යන රෝගීන්ගේ ඥාති හිතවතුන්ට එපමණ දුරක් මග ගෙවා යන්නට සිදුවන නිසා හදිසියේ බරපතල රෝගී තත්වයකට මුහුණ දුන් රෝගියෙකුව කබලෙන් ලිපට ඇද දමයි.

විශේෂයෙන්ම වැලිගෙපොල, පඹහින්න, මහවලතැන්න, මාරතැන්න, රන්වල හා කල්තොට ප‍්‍රදේශීය රෝහල්වලින් වැඩි දුර ප‍්‍රතිකාර සඳහා රෝගීන් යොමු කෙරෙන්නේද බලංගොඩ රෝහලටයි. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙක්, කායික විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්, නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සේවයේ යෙදෙන බලංගොඩ රෝහලේ සේවා සැපයීමේ ධාරිතාවය ඉතා ඉහළය. මෙම රෝහල් දැඩි සත්කාර ඒකකය තුළ ප‍්‍රධාන පෙලේ ශල්‍යකර්ම දිනපතාම පාහේ සිදු කෙරුණි. ප‍්‍රදේශයේ නිරතුරුවම සිදු වන රිය අනතුරු හා වෙනත් හදිසි අනතුරු වලට ලක් වන රෝගීන් විශාල ප‍්‍රමාණයකටද පිහිටට ඇත්තේ බලංගොඩ රෝහලය. සර්ප දෂ්ඨ කිරීම්, වස පානය කිරීම් වල සිට ඩෙංගු රෝගයෙන් සංකූලතා ඇති වීම, හදිසි හෘදයාබාධ වැනි අවස්ථා දක්වා දැඩි සත්කාර ඒකකයක සේවය අවශ්‍ය වන අවස්ථා රාශියකි. ඇතැම් බරපතල ශල්‍ය කර්මවලදී දැඩිසත්කාර ඒකකයේ සත්කාරය ලබා ගැනීමට පහසුකම් නැතිනම් එම ශල්‍යකර්ම කිරීමට රෝගීන් රත්නපුර ශික්ෂණ රෝහලට යොමු කිරීමට සිදු වේ. තවද බලංගොඩ රෝහලේ ‘ඩයලයිසිස්‘ ඒකකයේ සේවාව ලබන රෝගියෙකුට හදිසි සංකූලතා ආදියට දැඩි සත්කාර ඒකකයක් තිබීම මහත් අස්වැසිල්ලකි.

මෙම කරුණු නිසා බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍යවරු හා පහසුකම් වහා ලබාදී එම සෞඛ්‍ය සේවාව යළි ස්ථාපිත කරන ලෙස නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය සෞඛ්‍ය ඇමති ඇතුළු ආණ්ඩුවේ වගකිවයුත්තත්නට දැඩි බලපෑමක් සිදකරමින් සිටී. මේ සදහා වන විරෝධතා සහ ලිඛිත ඉල්ලීම් දැනටමත් සංවිධානය කරමින් පවතින බව ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ‘ ප්‍රකාශකයෙන් ‘ලකාවීව්ස්‘ වෙත පැවසීය.