தமிழ்
English
Contact
Thursday 5th December 2019    
බලධාරීන් දූෂිත ආයතන 17 ගැන ගන්නා ඉදිරි පියවර හෙළිකළ යුතුයි - කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බලධාරීන් දූෂිත ආයතන 17 ගැන ගන්නා ඉදිරි පියවර හෙළිකළ යුතුයි – කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති



කෝප් වාර්තාවෙන් හෙළිකළ රාජ්‍ය ආයතන 17ක සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ බලධාරීන් රටට හෙළිකළ යුතු බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු පවසා ඇත්තේ රාජ්‍ය ආයතන කිහිපයකම වංචා සහ දූෂණ සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අතරින් වී අලෙවි මණ්ඩලයේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටි ගණන් පාඩු සිදුවී ඇති බවත් ඒවා සඳහා ඉදිරියට සිදුවන්නේ කුමක්ද යන වග විෂය භාර ඇමතිගෙන් විමසිය යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් පවසා ඇත.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක කෝප් කමිටුව එම ආයතනවල වංචා සහ දූෂණ සම්බන්ධයෙන් විවිධ වාර්තා නිකුත් කළ ද මෙතෙක් එම විමර්ශනයන්ට අදාළව ඉදිරි පියවර ගෙන ඇත්තේ ස්වල්පයකි. එම වංචා දූෂණවලට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම් දක්නට නොමැත.