தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
බලයට පත්වන හැම කෙනාම බලන්නෙ කොමිස් ගහන්න - අගරදගුරු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බලයට පත්වන හැම කෙනාම බලන්නෙ කොමිස් ගහන්න – අගරදගුරු



බලයට පත්වන හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ කොමිස් ගසා හම්බකර ගැනීමට බවත් ලංකාවේ දූෂණය වංචාව නොමැති තැනක් සොයා ගැනීමට නොහැකි බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමි පවසා ඇත.

අක්මීමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාම විහාරස්ථ සිරිපවරකිත්ති දහම් පාසලේ 45 වැනි සංවත්සරය හා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරිමේ උත්සවයට පසුගියදා (9) සහභාගී වෙමින් අගරදගුරුවරයා මෙසේ පවසා ඇත.

‘‘නිදහසින් පසු ලංකාවේ පොළව ලේ වලින් පිරිච්ච පොළවක් බවට හැරිලා තියෙනවා. මෙකට හේතුව තමයි දේශපාලන ලෝකය තුළ විනය නැති විමේ ප්‍රශ්නය. දේශපාලනය කරන අය මේකට වගකියන්න ඕනෑ. පොඩිම කෙනාගේ සිට ලොකුම කෙනා දක්වා සියලුම නීතිරීති උල්ලංඝනය කරන්න පුරුදු වෙලා තියෙනවා.”

“වැවයි, දාගැබයි, ගමයි පන්සලයි කියන්නේ අපේ රටේ අනන්‍යතාවය. හෙලිකොප්ටරයකින් යද්දි පේන්නේ වැව එක්ක කුඹුරු යායක් තියනවා ඒ එක්කම පන්සලක් තිබෙනවා. දාගැබක් තිබෙනවා. ඒක තමයි අපේ රටේ අනන්‍යතාවය. මාව හමුවෙන්න ආව ඇමරිකානු තානාපතිවරියටත් කිව්වේ මේක සිංහල බෞද්ධ රටක්. ඒක අපිට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි.”

පසුගිය කාලය පුරාම අගරදගුරුවරයා දේශපාලනයට සම්බන්ධ ප්‍රකාශ කරනු දක්නට ලැබුණකි. මෙම ප්‍රකාශ අතරතුරදී බුද්ධාගමට ප්‍රසංශා කිරීමද දක්නට ලැබෙන්නකි. මෙම දේශපාලනික ප්‍රකාශ බොහෝ විට මහින්ද පාර්ශවයට පක්ෂපාති ප්‍රකාශ බව දක්නට ලැබේ. පසුගිය කාලයේ අගරදගුරුවරයා දේශපාලනයට සම්බන්ධ වීමට සුදානම් වන බවටද රාවයක් පැතිර තිබුණි.