தமிழ்
English
Contact
Monday 10th December 2018    
බලසූදුව පරදවමු, ජන අරගලයට පණ පොවමු! - පෙ.ස.ප. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බලසූදුව පරදවමු, ජන අරගලයට පණ පොවමු! – පෙ.ස.ප.



පවතින දේශපාලන ව්‍යාකූලතාවය යටතේ පාලක කණ්ඩායම් දේශපාලන බලසූදුවක නිරතවන බවද සිය ජීවිත තුළ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ආදි හැම අංශයෙන්ම පීඩාවට පත්ව සිටින ජනතාවට මෙයින් කිසිදු වාසියක් නොමැති බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

රටපුරා දේශපාලන දැනුවත්කිරීම් ව්‍යාපාරයක් ආරම්භ කරමින් පෙ.ස.ප. විසින් මේ අදහස ප්‍රකාශවන අත් පත්‍රිකා බෙදීමක් සංවිධානය කර තිබිණි. එම අත්පත්‍රිකාවේ සටහන් වන කරුණු පහත පළ වේ.

බලසූදුව පරදවමු, ජන අරගලයට පණ පොවමු!

කාලයක් තිස්සේ අපේ රටේ පාලක කල්ලි නිරතවූ බල සූදුවේ තවත්
වටයක් ඔක්තෝබර් 26වැනිදා අපට දක්නට ලැබුණා. මෙවර
සූදුවේ තුරුම්පු කොළය ඇද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන. ඔහු
අගමැතිධුරය රනිල් වික‍්‍රමසිංහගෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂට ලබා
දුන්නා. ජනාධිපතිවරයා සිය තීරණය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මතය
උරගා බැලීම වෙනුවට පාර්ලිමේන්තුවේ වාර අවසානකර එය නොවැම්බර්
16වැනිදා දක්වා කල් දමන්නත් ක‍්‍රියා කළා. මේ ඉතා බරපතල අත්තනෝමතික
ක‍්‍රියාවක්.
මේ තත්වය ඉදිරියේ අඩුම ගානේ පාර්ලිමේන්තුව කැඳවලා තීරණයක්
ගන්න ඕන. නමුත් පාර්ලිමේන්තුව හරහා ජනතාවගේ මතය නියෝජනය වෙන
තීරණයක් ලැබෙයි කියලා අපි මුලාවිය යුතු නෑ. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු
ඡුන්දය දෙන්නේ, පක්ෂ මාරු කරන්නේ සල්ලිවලට සහ ඇමතිකම් ඇතුළු
වරදානවලට. පාර්ලිමේන්තුව කැඳවලා දැන ගන්න ලැබෙන්නේ වැඩිපුර
සල්ලි විසි කළේ මොන පක්ෂයද කියලා විතරයි. එහෙම උනත් ජනාධිපතිගේ
තනි තීරණයක් පටවන්නේ නැතිව වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි.
ප‍්‍රශ්නය තමයි රටේ අගමැතිවරයා මාරු කිරීම වැනි ඉතාම භාරධූර
තීරණයක් පවා ගැනෙන්නේ රටේ ජනතාවගේ හෝ ඔවුන්ගේ පක්ෂ වල
පාක්ෂිකයන්ගේ පවා අනුදැනුමක් නැතිව. මේ ආකාරයට ගමක මරණාධාර
සමිතියක සභාපති කෙනෙක්වත් මාරු කරන්න බෑ. ඒ සඳහාත් සාමාජිකයන්
කැඳවලා, ඔවුන් දැනුවත් කරලා, පොදු අනුමැතියෙන් තීරණයක් ගන්න
ඕන. දැන් රටේ වැදගත්ම දේශපාලන තීන්දු තීරණ ගැනෙන්නේ ජනතාවට
හොරෙන්, ජනතාවට පිටින්, පාලන තන්ත‍්‍රයේ ඉහළම සිටින දහ පහළොස්
දෙනෙක් එකතු වෙලා.

අනෙක ඔවුන් මේවා කරන්නේ ජනතාව වෙනුවෙන්ද, ඔවුන්ගේ
බලය වෙනුවෙන්ද? මේ සියල්ල බලය සඳහා කරන සූදුවක් පමණක් බව
පැහැදිලියි. මේ අය මේ පොරකමින් බලය ගන්නේ ජනතා ප‍්‍රශ්න විසඳන්න
නෙවෙයි, තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන්. රනිල්-මෛත‍්‍රී-මහින්ද ඇතුළු
පාලකයන් ඔවුන් අතර ප‍්‍රතිවිරෝධතා තිබෙන බවට රඟ පාමින් වේදිකාව
මත නාට්‍යයක් දිග හරිනවා. නමුත් වේදිකාව පසුපස තිබෙන්නේ ඔවුන්
අතර සම්මුති සහ එකඟතා. අනෙක හැමදාම ?ට මාධ්‍ය වලින් මේ සූදුව
දිහා බලාගෙන ඉන්න පේ‍්‍රක්ෂකාගාරයේ, ජනතාවගේ තත්වය මොකක්ද?
ජීවන බර උහුලන්න බෑ, දැන් තෙල් මිල මාසෙන් මාසේ වැඩි වෙනවා,
අධ්‍යාපනයට-සෞඛ්‍ය සේවයට මුදල් අය කරමින් ඒ සඳහා වන අයිතිය
උදුරා ගන්නවා, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කප්පාදු කරලා ජනතාව
වහලූ‍න් බවට පත් කරමින් සිටිනවා.
ජනතාවට අවම දෙයක් හෝ දිනා ගන්න නම් සටන් කරන්න වෙනවා.
විශ‍්‍රාම වැටුප රැුක ගන්න, වැටුප් වැඩි කර ගන්න, රෝහලට බෙහෙත් ගෙන්වා
ගන්න, දරුවාට පාසලක් ගන්න විතරක් නෙවෙයි පාරට තාර දා ගන්න, අලි
වැටක් ගහ ගන්න පවා සටන් කරන්න වෙනවා. ඒ නිසා මේ සූදුවේ කවුරු
මොන කොළ ඇද්දත් ජනතාව පරාද වෙනවා. සූදුවෙන් මූණු මාර වුනත්, මේ
මූණු මාරුවෙන් කිසිදු වෙනසක් පහළ පංතියේ ජීවන ඉරණමට සිදු වන්නේ
නෑ.
ඒ නිසා බල සූදුවේ නරඹන්නන් බවට පත් නොවී අපේ ඇත්ත අයිතීන්
වෙනුවෙන් ජන අරගලය පෙරට ගමු. ජනතාවගේ සටන්කාමී මධ්‍යස්ථානයක්
ගොඩ නගමු.