Posted on 11.22.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් බලහත්කාරයෙන් නිරෝධායන මධයස්ානයට ගෙන යාමෙන් ඔහුලේ මූලික් අයිතිවාසිකම් කඩවී ඇතැයි ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම අද (22) නිශ්ප්‍රභා කර ඇත.
තමා සාමකාමී උද්ඝෝෂණයක සිටියදී අත්අඩංගුවට ගෙන පසුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබියදී බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීම සම්බන්ධව ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. තම අභිමථය පටහැනි ලෙස දිගු කාලයක් රඳවා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීරණය කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥවරයා ගොනු කර තිබූ පෙත්සම විභාගය නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කලේය.
මෙම තීන්දුව ගෙන ඇත්තේ ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකි.
මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් දක්වා තිබුණේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සාමකාමී උද්ඝෝෂණයක සිටියදී එම ස්ථානයට පැමිනි පොලිස් නිලධාරීන් ලංකා ගුරු සංගමයේලේකම් වරයා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කෙරුණු නමුත් ඔවුන් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කර රදවා සිටි බවයි.
මෙසේ ක්‍රියාකිරීම මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි ලබා දෙන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
නීතීඥ රුෂ්ඩි හබීබ් පෙත්සම්කාර ජෝශප් ස්ටාලින් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ පොලිස්පති ඇතුලු රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් ඉදිරිපත් වීමට නෛතික බලය සහිත නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.