தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
බලහත්කාරයෙන් හමුදා බාරයේ රඳවා සිටින දේශපාලන ක්‍රියාකාරීන් 16දෙනාගේත් PCR නෙගෙටිව්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බලහත්කාරයෙන් හමුදා බාරයේ රඳවා සිටින දේශපාලන ක්‍රියාකාරීන් 16දෙනාගේත් PCR නෙගෙටිව්!



කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කළ 16 දෙනාත් කොවිඩ් ආසාදිතයන් නොවන බව PCR පරීක්ෂණ හරහා සනාථ වී තිබේ.

පසුගිය 8වනදා පාර්ලිම්නේතු වටරවුමේ පැවති කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණයේදී කම්කරු නායකයන්, ශිෂ්‍යන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමිවී තිබුණි. නමුත් පසුව පොලීසිය විසින් එම පිරිස බලහත්කාරයෙන් බස් රථයක් වෙත පටවා නිරෝධායනයට රැගෙන යන බව පවසා ඔවුන් ගෙන යන තැනක් හෝ සඳහන් නොකරමින් රැගෙන ගොස් තිබුණි. පසුව ඔවුන් මුලතිව් ගුවන් හමුදා කඳවුරක රඳවා ඇති බව හෙළිවිය.

ඔවුන් නිරෝධායනය සඳහා යොමුකරනු ලැබුවේ කිසිදු පදනමකින් තොරවයි. දැන් ඔවුන්ගේ PCR පරීක්ෂණ ප්‍රථිපල පැමිණ ඇති නිසා තවදුරටත් රඳවා තබා ගැනීමේ කිසිදු හේතුවක් නොමැති බා පැහැදිලිය.