தமிழ்
English
Contact
Thursday 12th December 2019    
බලහත්කාරී අතුරුදන්කිරීම් කෘර අපරාධයන්ය - එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බලහත්කාරී අතුරුදන්කිරීම් කෘර අපරාධයන්ය – එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය



බලහත්කාරයෙන් හා ස්වකැමැත්තෙන් තොර පැහැරගෙන යාම හා අතුරුදන් කිරීම් යනු කිසිවිට අනුමත කළ නොහැති කෘර අපරාධයන් බව එක්සත් ජාතීන්ගේ ලංකාවේ නේවාසික නියෝජිත හනා සින්ගර් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බලහත්කාරයෙන් අතුරුදන්කළවුන් පිළිබඳ ජාතයන්තර දිනය යෙදී තිබුණු ඊයේ(30) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව පවසා සිටියාය. 2010දී මෙම අතුරුදන් කිරීමේ කෘරත්වයන් ඉහළයාම සම්බන්ධව අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය නම්කළ අතර ‘බලහත්කාරි අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ ප්‍රඥප්තිය‘ (International Convention for the Protection of All Persons from Enforced Disappearance)ට ලංකාවද අත්සන් කරන ලද්දේ 2016දී ය. කෙසේවෙතත් 2017දී ‘අතුරුදන් කිරීම් පිළිබද කාර්යාලය‘ පිහිටුවා ආරම්භ කළ වැඩසටහන ඉදිරියට ගෙනයාමට එක්සත් ජාතීන්ගේ සංවිදානය සහාය පළ කරන බවද ලංකාවේ නේවාසික නියෝජිතවරිය සිය නිවේදනයෙන් පවැසුවාය.

80 දසකයේ සිට ලංකාවේ බලහත්කාරී අතුරුදන් කිරීම් සම්බන්ධ සිදුවීම් විශාල වශයෙන් වාර්තා විය. 1987-90 සමයේ එය දිවයින පුරාම දැඩි ලෙස ඉහළ ගිය අතර තිස්වසරක යුද සමයේ තමිල් තරුණ තරුනියන් අතුරුදන් කිරීම විශේසයෙන් දක්නට ලැබුණි. මෙම තත්වය පිළිබද මහින්ද රාජපක්ෂ පාලනය සමයේ විශාල අවධානයක් ජාත්‍යන්තර ප්‍රජාව විසින් දක්වන ලද අතර 2015 පත් වූ වත්මන් ආණ්ඩුව එම සිදුවීම් පිලිබද යුක්තිය ඉටුකරන බවට දුන් පොරොන්දු කඩකර ඇත. නිශ්චිත සිදුවීම් අතර ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යෙව්දියා අතුරුදන් කිරීම, ලලිත් කුමාර් හා කුහන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියාකාරිකයන් අතුරුදන් කිරීම බලවත් ආන්දෝලනයකට හේතු වුයේ රාජපක්ෂ ආණ්ඩුවේ ඉහළ නායකයන්ගේ අනුදැනුම ඇතිව ආරක්ෂක අංශ විසින් එම අතුරුදන් කිරීම් සිදුකළ බවට අනාවරණය වූ නිසාය. මේ දක්වා ඒ සම්බන්ධව කිසිදු වගකිවයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නැති අතර ඒ සම්බන්ධව එවකට ආරක්ෂක අමාතයංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂටද චෝදනා එල්ල වී තිබේ.