தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
බල පොරය අතර සෞඛ්‍ය සේවක පත්වීම් ලබාදීම කල් යයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බල පොරය අතර සෞඛ්‍ය සේවක පත්වීම් ලබාදීම කල් යයි !



අද(29) දිනයේ ලබාදීමට නියමිතව තිබූ සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් ලබාදීම නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව වාර්තා වේ. පත්වීම් ලබාදීමේ උත්සවය කල් දමන බවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුම් දී තිබේ. දිවයින පුරා රෝහල්වල සේවය කළ ආදේශක සෞඛ්‍ය කාර්ය සහායකයින් මෙලෙස ස්ථිර කිරීමට තිරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවූවේ ඔවුන් ගෙනගිය අඛණ්ඩ අරගලයක ප්‍රථිපලයක් වශයෙනි. මෙම සේවකයන් 2015 ට සහ ඊට පෙර කාලවලදී සේවයට බඳවා ගත්තවුන් වේ.

මෙලෙස පත්වීම් කල් දැමීම යනු එම සේවකයන්ගේ වෘත්තීන්වලට සහ වැටුප්වලට අදාළ බරපතල ප්‍රශ්නයකි. දේශපාලන බල සූදු අතර සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න යට යමින් පවතියි.