தமிழ்
English
Contact
Friday 14th May 2021    
බස්නාහිර පළාත් පාසල් සියල්ල යළි විවෘත කෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බස්නාහිර පළාත් පාසල් සියල්ල යළි විවෘත කෙරේ



කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබු සියලු පාසල් අද(29) දිනයේ සිට යළි විවෘත කර තිබේ.

මෙරට තුළ කොවිඩ් -19 වෛරසය පැතිරීමත් සමඟ ගිය වසරේ මාර්තු මස 13වන දින සිට දිවයිනේ සියලු පාසල් වසා දැමීම සිදුවිය

වසංගතය සමඟ ජන ජිවිතය පවත්වා ගෙන යෑමට හුරුවීමත් සමඟ අදියර කිහිපයක් යටතේ නැවත පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කරන ලදි

බස්නාහිර පළාතෙන් පිට පළාත් වල පාසල් පෙර ආරම්භ වූවද බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරිම අවස්ථා කිහිපයකදීම ප්‍රමාද කිරිමට නොහැකි වූවේ කොවිඩ් වසංගත තත්ත්වය නැවතත් දරුණු වීම හේතුවෙනි.

කෙසේ වෙතත් පසුගිය 15 වන දින සිට බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල පංති ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණිවල පංති අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පංති සතියේ සෑම දිනකම පැවැත්විය හැකි වේ.

සිසුන් 16ත් 30 අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු අතර සිසුන් 30 වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.