தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
බස්නාහිර පාසල්වල ශිෂ්‍යාවන්ට හෝ වෙනත් කාන්තාවන්ට බුර්කාව තහනම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බස්නාහිර පාසල්වල ශිෂ්‍යාවන්ට හෝ වෙනත් කාන්තාවන්ට බුර්කාව තහනම්!



බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන කිසිදු පාසලකට බුර්කාව ඇදගෙන පැමිනෙන ශිෂ්‍යාවන්, ගුරුවරියන්, මවුවරු හෝ භාරකාරියන් වැනි කිසිවකු ඇතුළු කර නොගත යුතු බවට දැනුම්දීමක් බස්නාහිර ආණ්ඩුකාරවරයා විසින් යවා ඇතැයි වාර්තා වේ.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව නිසා මුස්ලිම් ජනයාට එරෙහි සැකයක්, අවිශ්වාසයක් ඇතිවන ආකාරයේ සමාජ මතයක් නිර්මාණය වෙමින් පවතින අතර ඇතැම් සමාජ ක්‍රියාකාරින් පවා බුර්කාව තහනම් කළ යුතු බවට ඇති මතයට පක්ෂව අදහස් මතුකර ඇත. මුස්ලිම් කාන්තාවන් මෙකී ආගමික මත අනුව ඇදුම් ඇදීමෙන් පීඩාවට පත්වන බව ප්‍රසිද්ධ කාරණයකි. එහෙත් බුර්කාව යනු එක්තරා ආකාරයක ආගමික මතයක්, ඇදහිල්ලක් නිරූපණය කරන්නකි. බුර්කාව ඇද අපරාධ සිදුකිරිම හා වෙස්වලාගෙන යාම වැනි හේතු නිසා බුර්කාව අන්තවාදයට සහායක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරති. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ විසින් බුර්කාව තහනම් කිරීමේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදී.

කෙසේවෙතත් යම් සංස්කෘතික අනන්‍යත.ාවක් සහිත විශ්වාසයක්, චාරිත්‍රයක් හෝ ඇදුමක් ප්‍රතික්ෂේප කිරීම හෝ අත්හැර දැමීම එකී අනන්‍යතාවට අයත් ප්‍රජාව විසින් තීරණය කළ යුතු වන්නක් බව බොහෝ මානව හිමිකම් ක්‍රියාකාරින්ගේ අදහසයි. බාහිර බලපෑම්වලින් එම සංස්කෘතික කාරණය යටපත් කිරීම ශිෂ්ට සමාජයට ගැලපෙන දෙයක් නොවනවා මෙන්ම එවැනි බලහත්කාරයක් නිසා පෙරලා අන්තවාදීන්ට ශක්තියක් එකී ජන ප්‍රජාව අතර අනුබලයක් හිමි වේ. යම් මානව ක්‍රියාකාරකමක් පසුගාමී වුවද ඒවා සමාජයෙන් ඉවත් කිරීමට බලහත්කාරය යෙදවීමෙන් ඒවා ඉවත් කිරීමට වඩා තහවුරුකිරීමේ ප්‍රතික්‍රියාවක් ඇතිවිය හැකි බව සමාජ විචාරකයන්ගේ අදහසයි.