தமிழ்
English
Contact
Friday 16th November 2018    
බ්‍රසීලය හා බෙල්ජියම අවසන් කණ්ඩායම් 8 අතරට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බ්‍රසීලය හා බෙල්ජියම අවසන් කණ්ඩායම් 8 අතරට



ඊයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරග දෙකකින් බ්‍රසීලය හා බෙල්ජියම අර්ධ අවසන් තරගවට සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ.

එහිදී බ්‍රසීල කණ්ඩායම හමුවේ ගොල් 2-0ක් ලෙස පරාජය ලැබුවේ මෙක්සිකෝ කණ්ඩායමයි. බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් එම කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන නෙයිමාර් විසින් එක් ගෝලයක් ලබා ගත් අතර අනෙක් ගෝලය වාර්තාකර තිබුනේ රොබටෝ ෆිමිනෝර් විසින්ය.

බ්‍රසීලය හමුවේ මෙක්සිකෝ කණ්ඩායමට ඊයේ තරගයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකිවීමද කැපීපෙනේ.

මෙම තරගයේ වීරයා ලෙස නෙයිමාර් නම් කර තිබේ. බ්‍රසීලයේ මෙම ජයග්‍රණයත් සමග අවසන් කණ්ඩායම් 8 අතරට ඒමට හැකිවිය.

අනෙක් තරගය පැවැතියේ ජපානය හා බෙල්ජියම කණඩායම අතරයි. ඒ තරගයෙන් බෙල්ජියම කණ්ඩායම හමුවේ ගෝල 3-2-ක් ලෙස ජපානය කණ්ඩායම පරාජයට පත්විය.

තරගයේ මුල්භාගය තුල ජපාන ඛන්ඩායම ඉදිරියෙන් සිටියත් තරගයේ අවසන් භාගය වන විට බෙලජියනු ක්‍රීඩකයෝ සිය ආධිපත්‍ය තහවුරු කරගැනීමට සමත්විය.

බෙල්ජියානු කණ්ඩායමේ වෙටෝනග්න්,ෆෙලයිනි හා චඩ්ලි සිය කණඩායම වෙනුවෙන් ගෝලය බැගින් රැස්කිරීමට සමත්විය.

මෙහිදී ජපාන කණ්ඩායමවෙනුවෙන් ගෝල දෙක වාර්තා කරනු ලැබූවේ හරගුචි හා යිනුයි යන ක්‍රීයකයින් දෙනො විසිනි.

මෙම තරගය ජය ගැනීමත් සමග බෙල්ජියානු කණ්ඩායමද අවසන් කණ්ඩායම් අට අතරට එක්වීමට හැකියාව ලබුනි.




Related News