Posted on 01.13.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වරට වාර්තා වී මේ වනවිට යුරෝපය පුරා පැතිර යමින් තිබෙන කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මෙරටටද පැමිණ තිබේ.
පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු බව තහවුරු කරගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ පර්යේෂණයේදී හෙළි වී තිබෙන්නේ ඔහුට ආසාදනය වී ඇත්තේ වෛසරයේ නව ප්‍රභේදය බවයි.
මෙම වෛරස ප්‍රභේදය හේතුවෙන් යුරෝපා රටවල් ගණනාවක් නැවතත් දැඩි සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට යොමු වූ අතර යුරෝපා රටවල් ගණනාවක් මේ වනවිට වසාදමා තිබේ.
මෙම වෛරසය ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ එය ඉතා ඉක්මනින් පැතිර යාම සහ රෝග ලක්ෂණ බහුල ලෙස පෙන්වීමයි.