தமிழ்
English
Contact
Friday 18th September 2020    
බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ 36,000කගේ රැකියා අනතුරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ 36,000කගේ රැකියා අනතුරේ!



කොරෝනා වසංගතය නිසා ගුවන් ගමන් නවතා ඇති බ්‍රිතාන්‍යයේ ‘බ්‍රිටිෂ් එයාර්වේස්’ ගුවන් සේවය සේවකයන් 36,000 කගේ සේවය අත්හිටුවීමට සූදානම් වෙයි.

‘බ්‍රිටිෂ් එයාර්වේස්’ පරිපාලනයත්, සේවක වෘත්තිය සමිතියත් අතර සති ගණනක් පැවති සාකච්ඡා අවසානයේ සේවය අත්හිටුවිමේ යෝජනා සම්බන්ධයෙන් එකඟතා ඇතිව ඇතත් තවමත් ගිවිසුමක් අත්සන් කර නැත.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානා සියල්ලම පාහේ මේ වන විට ගුවන් ගමන් වලින් ඉවත් කර තිබේ. මෙම එකඟතා අනුව බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානා සේවක කාර්ය මණ්ඩලය, භූමි මෙහෙයුම් කාර්යමණ්ඩලය, ඉංජිනේරුවන්, ප්‍රධාන කාර්යාලයේ සේවකයන් යනාදී අයගෙන් 80% කගේ සේවය අත්හිටු වනු ඇත. කෙසේ නමුත් සේවක පිරිස අඩු නොකරන බව ද බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍ය රජය රැකියා සුරක්ෂිත කිරීමේ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කර ඇති අතර සේවය අත්හිටුවන පිරිසගේ වැටුප් එම ක්‍රමය ඔස්සේ ආවරණය වේ. නමුත් ගුවන් සේවා නැවත ආරම්භවන දිනයක් නොමැති තත්වය තුළ ඔවුන්ගේ රැකියා නැවත හිමිවන දිනයක් නිශ්චිත නොමැතිවා මෙන්ම මෙවැනි සහන දිගටම පවත්වාගෙන යාමේ සහතිකයක්ද නැත.

කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා ගුවන් සමාගම් සිය ගුවන් වාර සීමා කිරීමට පියවර ගත්තේය. බ්‍රිතාන්‍ය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වනවිට සතියකට වැඩි කාලයක් ගතව ගොස් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානා රැසක් ගුවන් තොටුපොළවල නවතා ඇත.