தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
බ්‍රිතාන්‍ය දක්ෂිණාංශයේ ජයග්‍රහණයට මහින්දගෙන් සුබපැතුම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බ්‍රිතාන්‍ය දක්ෂිණාංශයේ ජයග්‍රහණයට මහින්දගෙන් සුබපැතුම්!



බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ දක්ෂිණාංශික කොන්සවටිව් පක්ෂයට හා නව අගමැති බොරිස් ජොන්සන්ට අගමැති මහින්ද රාජපක්ෂ විසින් සිය සුබ පැතුම් පළ කර ඇත.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අගමැතිවරයා සිය සුබපැතුම් පළ කර ඇත. බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් කොන්සවේටිව් පක්ෂයටද සුබ පැතුම් එක් කර ඇති මහින්ද රාජපක්ෂ මහතාඅගමැතිවරයා සඳහන් කර ඇත්තේ බොරිස් ජොන්සන්ගේ තීරණාත්මක නායකත්වය එම ජයග්‍රහණයට හේතුවී ඇති බවට කිසිදු සැකයක් නොමැති බවයි.

බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ ජෙරමි කෝබින් විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ බහුතරයකින් පරාජය කරමින් දක්ෂිණාංශික කොන්සවටිව් පක්ෂය ජයග්‍රහණය කරණ ලදී.