தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
බාප්පාගේ පුරවැසිකම ගැන ලියවිලි ඉදිරිපත් කරන්න නාමල් සූදානම්ලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බාප්පාගේ පුරවැසිකම ගැන ලියවිලි ඉදිරිපත් කරන්න නාමල් සූදානම්ලු!



2019 ජුනි 30 දක්වා එක්සත් ජනපද දේශීය ආදායම් බදු වලින් නිදහස් කළවුන් පිළිබඳ නාම ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම සටහන්ව නොතිබීම සම්බන්ධයෙන් පළවූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ පුරවැසිභාවය සම්බන්ධ ලියකියවිලි අවශ්‍ය නම් සැපයිය හැකි බවයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කර තිබුණේ “ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන පුද්ගලයන්ගේ නම් දැක්වෙන ඇමරිකානු රජයේ දෙවැනි කාර්තුවේ නාම ලේඛනය තුළ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් නොවන විට ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දුන්නේ කෙසේද?” යනුවෙනි.

අමාත්‍ය හර්ෂ ද සිල්වා වෙත ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිකුත් කළ ට්විටර් පනිවුඩයක දැක්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගැන වද නොවන ලෙසය. ගැටලුව ඇත්තේ ඔහුගේ ලියකියවිලි නම් එය ඉදිරිපත් කළ හැකි බවත් නාමල් රාජපක්ෂ සිය පණිවුඩයේ සඳහන් කර තිබිණි.