தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
බැටී වීරකෝන් අභාවයට පත් වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැටී වීරකෝන් අභාවයට පත් වේ!



ලංකා සමසමාජ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අධිනීතිඥ බැටි වීරකෝන් ඊයේ (07) අභාවප්‍රාප්ත විය.

1932 සැප්තැම්බර් 21 උපන් ඔහු මියයන විට 87 වැනි වියේ පසු විය. ඔහු ල.ස.ස.ප. පොදුජන එක්සත් පෙරමුණට සම්බන්ධවීමෙන් පසුව 1994 පිහිටුවන ලද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ ආණ්ඩුව යටතේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ තැන්පත්කර ඇති ඔහුගේ දේහය ඔක්තෝබර් 10 වැනිදා බොරැල්ල කනත්තේදී ආදාහනය කෙරේ.