Posted on 12.18.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බැසිල් රාජපක්ෂ විසින් පළාත් මට්ටමින් ආරම්භ කල “ගම සමග පිළිසඳර” වැඩසටහන තාවකාලිකව අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්දී ඇතැයි ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම ව්‍යාපෘතිය පැහැදිලිවම බැසිල් රාජපක්ෂගේ ප්‍රතිරූපය නංවාලීම සඳහාත්, ඔහුගේ ගෝලබාලයින්ට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ජයග්‍රහණය කරවීම සඳහාත් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බවට ආණ්ඩුවේ ප්‍රබලයින් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට කළ දැනුම්දීමකින් පසුව බව පැවසේ.
“ගම සමග පිළිසඳර” ව්‍යාපෘතිය බැසිල් රාජපක්ෂගේ 2024 ජනාධිපතිවරණය ඉලක්කකර ගනිමින් සිදුකරන්නක් බවට ද සමාජ මාධ්‍ය හරහා මත පලවෙමින් පවතියි.
2021 අය වැය ගම මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා “ගම සමග පිළිසඳර” වැඩ සටහන බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 දා මාතරින් ආරම්භවිය.