தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
බැසිල්ට එරෙහි දිවිනැගුම නඩුව පවත්වාගෙන යනවාද? නැද්ද? නීතිපති දෙපාර්තුමේන්තුව සාකච්ඡාවක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැසිල්ට එරෙහි දිවිනැගුම නඩුව පවත්වාගෙන යනවාද? නැද්ද? නීතිපති දෙපාර්තුමේන්තුව සාකච්ඡාවක



ඇමැති බැසිල් රාජපක්ෂට හා දිවි නැඟුම හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව පසුගිය පාලන සමයේ ගොනු කර ඇති නඩුව තව දුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සාකච්ඡා කරමින් සිටින බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ඊයේ (19) කොළඹ මහාධිකරණ විනිසුරුවරයාට දැනුම් දී තිබේ.

යහපාලන සමයේ පවරන ලද මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමේ හැකියාවක් නැති බවටත්, චෝදනා ගොනු කිරීම නිවැරැදි නොවන බවටත් විත්තිය ඉදිරිපත් කළ කරුණ පිළිබඳ තවදුරටත් සාකච්ජා කර නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා ඇත.