தமிழ்
English
Contact
Friday 14th August 2020    
බැසිල් කැලෑ ඉඩම් දෙනකොට පරිසර නීති රකින අය කොහෙද හිටියෙ? - ගෝඨාභය ප්‍රශ්න කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැසිල් කැලෑ ඉඩම් දෙනකොට පරිසර නීති රකින අය කොහෙද හිටියෙ? – ගෝඨාභය ප්‍රශ්න කරයි



තමන්ගේ පාලනය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට පරිසර නීති හරස්කරන නිලධාරින් විල්පත්තුවේ වනය කපනවිට හිටියේ කොහේදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නය නගා ඇත්තේ අද(19) රාජ්‍ය නිලධාරින් පිරිසක් අමතමිනි. පසුගිය දිනවල මීගමුව කඩොල්කැලේ පරිසරය වනසමින් ක්‍රිඩා පිටියක් තැනීමට එරෙහිව ගම්පහ දිසා වන නිලධාරිනිය කළ ප්‍රශ්න කිරීම ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට හේතු වී ඇත.

යුද්ධය අවසන්ව 2009 විල්පත්තුව දෙසට යනවිට රෑස්ස ගස් තිබුණු ප්‍රදේශයක වනාන්තර ඉඩම් හෙළිකර නිවාස තනා ඇති බවද ඔහු චෝදනාත්මකව ප්‍රකාශ කළේය. එහෙත් මෙසේ ජනාධිපතිවරයා චෝදනාවට ලක්කරන විල්පත්තු වනෝද්‍යානයට යාබද ඉඩම් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ යෝජනාවක් අනුව නිදහස්කර තිබුණේ එවකට ‘උතුරු වසන්තය’ ව්‍යාපෘතිය හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය භාරව සිටි බැසිල් රාජපක්ෂ විසින් බව ප්‍රසිද්ධ වී නැත. මේ වනවිට රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා සිය දේශපාලන හිතවතුන්ට ලබාදුන් ඉඩම් සම්බන්ධ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබිණි. ඔහු පවසන්නේ එවකට මෙම නිවාස ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අනුමැතිය දී සහය දුන්නේ රාජපක්ෂ පාලනයේ ඇමති මණ්ඩලය බවය.