தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
බිලියන 1300ක් නිදහසේ අනුමත කරගනී - විපක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටවෙලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බිලියන 1300ක් නිදහසේ අනුමත කරගනී – විපක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටවෙලා



අතුරු සම්මත ගිණුම පිළිබඳපැවති විවාදය අවසානයේ එය ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගන්නට ආණ්ඩුවට හැකි වී තිබේ.

ඊයේ (28) පාර්ලිමේන්තුවේදී සැප්තැම්බර් 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දින විවාදය පැවැත්වුද අවසානයේ ඡන්දය විමසීමට සූදානම්වන අවස්ථාවේදී විපක්ෂයේ නියෝජිතයන් සභාගැබේ නොසිටීම නිසා ඒය පහසුවෙන්ම සම්මත විය.
ඉදිරි වියදම් සහා රු. බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරීමට අතුරු සම්මත ගිණුම ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්කර තිබිණි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබුණද ආණ්ඩුවේ මිස විපක්ෂ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ දී බෙදීමක් ඉල්ලා නොසිටීම හේතුවෙන් ඡන්ද විමසීමකින් තොරවම එය සම්මත වුණි.