Posted on 04.24.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බීමත් සැමියාගේ පහරදීමෙන් සිය දියණීය බේරාගැනීමට ගිය 61 හැවිරිදි මවක් තියුණු ආයුධයකින් වැදුනු පහරක් නිසා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ දඹුල්ල වැලිහේන, පැල්වෙහෙර ප්රදේශයේ පදිංචි කාන්තාවකි.
බීමතින් නිවසට පැමිණී පුද්ගලයා සිය බිරි`දට පහර දී ඇති අතර ගැටුම සමථයකට පත් කිරීමට ගිය බිරිදගේ මව හා අසල්වැසියකු බීමත් පුද්ගලයාගේ පහරකෑමට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. එහිදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 61 හැවිරිදි කාන්තාව මරුමුවට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරු දඹුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද පොලිස් මුලස්ථානය පවසයි.
කොරෝනා කාලසීමාවේ ස්ත්රීන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන ගෘහස්ථ හිංසන ඉහළ ගොස් ඇති බව සංවිධාන කිහිපයක්ම අනතුරු අඟවා තිබුණි.